Easy-win-for-Sri-Lanka-against-UAE-but-going-into-the-Super-12-is-crucial

අද (18) ලෝකකුසලාන විස්සයි20 තරගාවලියේ  Geelong හි සවස පැවති තරගයෙන් ආධුනික UAE හමුවේ පහසු ජයක් වාර්තාකිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
ශ්‍රී ලංකාව ලබාගත් 152 ට පිලිතුරු ලෙස ඔවුන් ලබාගත්තේ 73 ක් පමණි. නමුත් ශ්‍රී ලංකා පිලේ භානුක රාජපක්ෂ, චරිත් අසලංක හා දසුන් ශානක යන මැද පෙළ පිතිකරුවන් තිදෙනාම හැට්‍රික් එකක් ලෙස ඉනිමේ 14 වන ඕවරයේදී ලකුණු 117 දී දවා ගැනීමට UAE පිලේ මෙයියපන් සමත්වූ අතර එය ශ්‍රී ලංකාවේ පිතිකරණය සම්බන්ධ අනතුරු හැඟවීම් ලකුණක් විය. අද දින සාර්ථක වූයේ පැතුම් නිශ්ශංක (74) ධනංජය ද සිල්වා (33) හා කුසල් මෙන්ඩිස් (18) පමණි. පන්දු යැවීමේදී දුශ්මන්ත චමීර හා වනිදු හසරංග කඩුළු 3 බැගින් ලබාගන්නා ලදි.
තරගයේ වීරයා වූයේ පැතුම් නිශ්ශංකයි.
මෙම ජයග්‍රහණය සමග ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයේ පොයින්ට්ස් ටේබල්හි 4 සිට 3 වන ස්ථානය දක්වා ඉහළට ගිය අතර ලකුනු සාමාන්‍යය+0.6 ක් විය.
සුපිරි 12 වටයට යාමට නම් ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයේ 1 හෝ 2 වන ස්ථාන ලබාගත යුතුය.
ශ්‍රී ලංකාව ඊළඟට මේ දක්වා අපරාජිත නෙදර්ලන්තය සමග තරගයෙන් ජයගන්නට හැකි නම් එය පහසුය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුපිරි 12 සඳහා වන තරඟයෙන් දැනටමත් ඉවත්ව ඇත. පළමු කණ්ඩායම් දෙක මීළඟ අදියර සඳහා සුදුසුකම් ලබන අතර NRR මෙම කණ්ඩායමේ ස්ථාන තීරණය කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. දැනට ශ්‍රී ලංකාව (+0.600) නෙදර්ලන්තයට (+0.149) වඩා හොඳ NRR එකක් ඇති අතර ආසියානු ශූර ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියට යාමට ජයග්‍රහණයක් ප්‍රමාණවත් විය යුතුය.
ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තීරනාත්මක තරගය බ්‍රහස්පතින්දා (20) පැවැත්වේ.
අලුත්ම පොයින්ට්ස් ටේබල් පහතින්. අද ලකුණු පුවරුව ඊට පහතින්