brazil-election

බ්‍රසීලයේ ජනාධිපතිවරණයෙන්  වත්මන් ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ පරාජය කරමින් බ්‍රසීලයේ මීළඟ ජනාධිපතිවරයා වීමට පැරණි ජනපති  ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සමත් විය.

 ලූලා ඉරිදා බොල්සොනාරෝට සියයට 49.2 ට සාපේක්ෂව සියයට 50.8 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය.

“අද එකම ජයග්‍රාහකයා බ්‍රසීලියානු ජනතාවයි,” ද සිල්වා සාඕ පවුලෝ හෝටලයක රැස්ව සිටි පිරිසට පැවසීය. “මෙය මගේ හෝ කම්කරු පක්‍ෂයේ හෝ මට මැතිවරණ ව්‍යාපාරයේ දී සහාය දුන් පක්‍ෂවල ජයග්‍රහණයක් නොවේ. එය දේශපාලන පක්ෂ, පෞද්ගලික අවශ්‍යතා සහ මතවාදයන්ට ඉහළින් ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක ජයග්‍රහණයක්“ යවැඩිදුරටත් ඔහු කීය.

ඡන්ද ගණන් කිරීමේ පළමු භාගය පුරා බොල්සොනාරෝ ඉදිරියෙන් සිටි නමුත්, ලූලා ඔහු අභිබවා ගිය විගස, සාඕ පවුලෝ නගර මධ්‍යයේ වීදි මෝටර් රථවල නළා හඬින් හඬින් පිරී ගියේය.

 මිලිටරි ආඥාදායකත්වයකින් පසු 1985 දී ප්‍රජාතන්ත්‍රවාදයට නැවත පැමිණීමෙන් පසු බ්‍රසීලයේ වඩාත්ම ධ්‍රැවීකරණය වූ ඡන්ද විමසීම මෙම මැතිවරණය විය .
ජයගත් ජනපති ලූලා හිටපු වෘත්තීය සමිති නායකයෙකු වූ අතර පැරදුණ ජනපති බොල්සොනාරෝ හිටපු හමුදා කපිතාන්වරයෙකි.

මීට සති කිහිපයකට පෙර බ්‍රසීල ජනපතිවරණය පවත්වනු ලැබූ අවස්ථාවේ දෙන්නාටම සියයට 50 ඉක්මවා ලබාගතනොහැකි වූ නමුත් එම අවස්ථාවේත් ලූලා ඉදිරියෙන් සිටියේය. එරට නීති අනුව නැවත වරක් පෙර ලෙසම ජනපතිවරණය පවත්වනු ලැබූ  අතර සියයට 50 ඉක්මවා ලූලාට ඡන්ද ලැබිණි.

පරාජිත අපේක්ෂකයා ප්‍රථමයෙන් කතා කර මැතිවරණ පරාජය පිළිගැනීම බ්‍රසීලයේ සම්ප්‍රදායකි, නමුත් බලධාරීන් විසින් ලූලා ජයග්‍රාහකයා ලෙස නම් කර පැය දෙකකට පසුව,
බොල්සොනාරෝ ප්‍රතිඵලය පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නොතිබුණි.

ලොව මාරාන්තික COVID-19 පාලනයට සහ ඇමසන් වනාන්තරයේ පුළුල් වන විනාශය  විසඳීමට බොල්සොනාරෝ අසමත්විය. ඔහු කොරෝනාව විහිලුවකට ගණන් ගත් අතර එය නොතකා වැඩ කරන ලෙස ජනතාවට අණ කළේය. මේ හේතුවෙන් බ්‍රසීලය කොරෝනා වැළඳීම් වලින් හා කොරෝනා මරණ වලින් ලොව ඉහළම සංඛ්‍යාලේඛන පෙන්නුම් කළ රටක් බවට පත්විය.

2018 දී තේරී පත් වූ හිටපු හමුදා කපිතාන්වරයෙකු වන බොල්සොනාරෝ, ලතින් ඇමරිකාවේ විශාලතම රටවන බ්‍රසීලය තුළ ඔහුගේ ගතානුගතික න්‍යාය පත්‍රය පැටවීමට උත්සාහ කලේය. ජීවන තත්වයන් වැඩිදියුණු කිරීමට අපොහොසත් වූ අතර ලිංගික හා ජාතිවාදී අදහස් නිසා විවේචනයට ලක්වූවෙකි.
කොරෝනා වෛරසය "කුඩා උණ" ලෙසින් බැහැර කර රට අගාධයකට තල්ලු කළේය.

2003 සිට 2010 දක්වා බ්‍රසීලය පාලනය කළ හිටපු වෘත්තීය සමිති නායකයෙකු වන ලූලා, පාරිසරික වැඩසටහන් නිසා ප්‍රකට විය. ත්‍යාගශීලී සමාජ වියදම් වැඩසටහන් නිසා ජනප්‍රිය විය.