ඇමරිකාවේදී පවත්වන්නට යෙදුණ ‘මිස් ශ්‍රී ලංකා නිව් යෝර්ක්‘ තරගය හා සම්බන්ධ ගුටිබැට හුවමාරුවක් ගැන මාධ්‍ය වාර්තා පළව තිබෙන අතරේ එයට සහභාගීවීමට සිටි නමුත් වීසා කලට වේලාවට නොලැබීම නිසා එහි නොගිය රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ඒ ගැන විස්තරයක් කර තිබේ. ඔහු පවසන්නේ තරගය නිසි ආකාරයට පැවැත්වූ බවත් ගුටිබැට සිදුවන්නේ තරගයෙන් පසු පැවති ඩිනර් පාටියේදී බවත් එය වෙනම පවත්වන ලද්දක් බවත්ය.
උත්සවයට ආරාධිතයකු ලෙස සහභාගි වීමට නියමිතව සිටි මිසිස් ශ්‍රී ලංකා මිසිස් වර්ල්ඩ් ජාතික අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ ගැටුම සම්බන්ධයෙන් මෙසේ කියයි.
‘වීසා ප්‍රමාද වීම හේතුවෙන් මම එම අවස්ථාවට ගියේ නැහැ. නමුත් එම අවස්ථාවේ මාව ඔවුන් සම්බන්ධ කරගෙන
විශාලනය කළ වීඩියෝවකින් මට ඒ අය අමතන්න අවස්ථාවකුත් ලබාදී තිබුණා. මං මේ පැජන්ට් එකට පූර්ණ සහය ලබාදුන්න කෙනෙක්. මේ නිසා සිදුවූ දේවල් ගැන මටත් වගකීමක් තිබෙනවා කතා කරන්න.
මෙම ගැටුමයි තරගයයි කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කරන්න ඕන.තරගය නීති රීති අනුව පවත්වලා ඉවර කළා. එතැන ගැටලුවක් පැනනැගුනෙ නැහැ.
සවුත් බීච් හි වැන්ඩර්බිල්ට් හි පැවති තරඟයේදී ඇන්ජලියා ගුණසේකර පළමු වරට ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජින ලෙස කිරුළු පැළඳුවා.
මෙම උත්සවයෙන් අනතුරුව මහජනතාවට ප්‍රවේශපත්‍ර අලෙවි කළ සාදයක් පැවැත්වුණා. ඒ සඳහා රූ රැජිණ තරගයට ආ අය මෙන්ම වෙනත් පිරිස්ද එක්ව තිබුණා.
එක්සත් ජනපදය පදනම් කරගත් ශ්‍රී ලාංකිකයන් සහ ඇමරිකානුවන් කිහිප දෙනෙකුද සම්බන්ධව සිටි බව සැලවුණා. සාදය අතරතුර ගුටිබැට හුවමාරුවක් සිදුවී ඇති කතාව ඇත්ත.
මෙම ගැටුමේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල වෛරස් බවට පත් වෙලා තියෙනවා.නිව්යොර්ක් අය කියනවා මේකින් ලංකාවේ ප්‍රතිරූපයට හානිවී ඇති බව. මේක මං හිතන්නේ පුද්ගලික රණ්ඩුවක්‘
ඔහු පැවසීය.
පෙර ලිපිය
ඇමරිකාවේ මුල්වරට පැවති මිස් ශ්‍රී ලංකා නිව්යොර්ක් තරගය ගුටි කෙළියකින් නිමා වෙයි
ගැටුමට අදාළ වීඩියෝ පහතින් ඡායාරූප ඊට පහතින්
0 Comments