china-congress-20

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසය ඊයේ (16දා) එරට ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන් බීජිං නුවරදී පැවැත්වුණි. චීනය අනාගතයේදී සියලුම අංශයන්ගෙන් සමන්විත නවීනතම සමාජවාදී රාජ්‍යයක් බවට පත් කිරිමේ නව ගමනක් සනිටුහන් කරමින් මෙම අවස්ථාව සංවිධානය වී තිබේ.මෙහිදී ඒ සදහා වන උපායමාර්ග සැලසුම අදියර දෙකකින් යුක්ත වෙයි. ඒ අනුව 2020 සිට 2035 දක්වා වන පළමු අදියරේදී සමාජවාදය නවීකරණය සිදුවනු ඇති බවත්, 2035 සිට 2050 දක්වා කාලය තුළදී චීනය නවීනතම සමාජවාදී රටක් බවට පත්වනු ඇතැයි සදහන් වෙයි. එහිදී සෞභාග්‍යමත්, ශක්තිමත්, ප්‍රජාතන්ත්‍රවාදී.සංස්කෘතිකමය වශයෙන් දියුණු, මිත්‍රශීලී සහ සුන්දර රටක් බවටද පත්වනු ඇතැයි යන්න අපේක්ෂාව වී තිබේ.

මෙම අවස්ථාව සඳහා චීන කමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයෝ 2,300කට අධික පිරිසක් සහභාගි වී සිටියහ. ඔවුන් ඇමතී ඇමතූ ජනාධිපති ෂී ජින්පිං, සිය රජය"ශුන්‍ය -කෝවිඩ්’ ප්‍රතිපත්තියේ සාර්ථකත්වය පිළිබදව සදහන් කළේය. එහිදී මෙම වෛරසයට එරෙහි යුද්ධයේදී තමන්ට බොහෝ ජිවිත ආරක්ෂා කරගැනීමට හැකි වූ බව ඔහු පවසා තිබේ. එසේම හොංකොං සහ තායිවානය සම්බන්ධයෙන් සිදුකළ අදහස් දැක්වීමේදී ඔහු එරට ස්වෛරිත්වය පිළිබදව ජාත්‍යන්තරයේ අවධානය යොමු විය යුතු බවත් සදහන් කර ඇත. මේ අතර අනාගතයේදී චීනය වඩාත් පරිසර හිතකාමී රටක් බවට පත්වෙනු ඇති බවත්, ඒ සඳහා ගත යුතු පියවර රැසක් දැනටමත් ගෙන ඇති බවත් ජනපතිවරයා පැය දෙකක් පුරා පැවැති සිය කතාවේදී පවසා සිටියේය.



"අපගේ පක්ෂයේ සිටින සියලු දෙනාම කවදාවත් අමතක නොකළ යුතු දෙයක් තමයි, අපගේ සැබෑ බලාපොරොත්තු සහ මෙම පක්ෂය ආරම්භ කිරිම් මෙහෙයුම ඒ කියන්නේ අපි සෑම අවස්ථාවකදීම පෙනී සිටී නවීන, දූරදර්ශී සහ මහන්සි වී වැඩ කිරීම සහ ඒ හරහා අපගේම සටනක් පවත්වාගෙන යන්නට අපට ඇති ධෛර්ය සහ ශක්තිය කියන කාරණා මතකයේ තබා ගත යුතු වෙනවා.” යනුවෙන් ජනපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.