colombo-city-fake-parking-fees

කොළඹ මහ නගර සභාවෙහි නාගරික කොමසාරිස්වරිය  පුවත්පත්වල පළ කර තිබෙන මහජන නිවේදනයකින් පැවසෙන්නේ කොළඹ මහනගර සභාව වාහන නැවැත්වීමේ ගාස්තු එකතු කිරීමට පුද්ගලයන් යොදවා නැති ස්ථාන රැසක් පවතින බවත් ඒ ස්ථානවල වාහන නැවැත්වීමේදී මහනගර සභාවේ නියෝජිතයින් ලෙස පැමිණ ගාස්තු අයකිරීමට උත්සාහ කරන අයට නොරැවටෙන ලෙසත්ය.
 
කොළඹ මහ නගර සභාව මගින් නඩත්තු කරන නගර මාර්ග හැර පහත සඳහන් කිසිදු ස්ථානයක කිසිදු පුද්ගලයෙකුට හෝ සංවිධානයකට මුදල් එකතුකිරීමට බලය පවරා නොමැති බව එම නිවේදනයේ දැක්වේ.
 මේවායේ වාහන ගාල් කරන විට ගාල් කිරීමේ ගාස්තු ගෙවීමෙන් වළකින ලෙසද ඉල්ලා සිටී


01. ගාලු පාර සහ ඩුප්ලිකේෂන් පාර සහ ඇල්ෆ්‍රඩ් පෙදෙස හා වැල්ලවත්ත නගරසීමාව අතර සම්බන්ධිත මාර්ග
02. මැලේ වීදිය
03. ජාවත්ත පාර
04. දෙමටගොඩ පොදු වෙළෙඳපොළ
05. ලොන්ඩ්‍රි වත්ත - නවම් මාවත
06. ඩී.එස්. ෆොන්සේකා මාවත
07.බැස්ටියන් මාවත
08. මුත්තයියා වීදිය
09.ඇන්ඩිවල් වීදිය
10. මැගසින් පාර
11. ආනන්ද විද්‍යාලය අසල පන්සල පාර
12. ජයන්ත වීරසේකර මාවත
13. ලෝවර් චැතම් වීදිය
14. මොහොමඩ් සයින් මාවත
15. පළමු හරස් වීදිය
16. කියු පාර
17. ඩෝසන් පාර
18. මුදලිගේ මාවත
19. ක්‍රිස්ටි පෙරේරා මාවත


CMC විසින් නඩත්තු කරන අනෙකුත් නගර මාර්ගවල ගාස්තු ගෙවිය යුතු අයගේ විස්තර එවැනි මාර්ගවල සවි කර ඇති පුවරු මත දක්වා ඇති බවත් එවැනි බලයලත් පුද්ගලයින්ගේ ප්‍රදර්ශනය කර ඇති නම් පරීක්ෂා කර ගාස්තු ගෙවීමට හැකි බවත් වැඩිදුර දන්වා ඇත.
 මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමට ඔබට කිසියම් පැමිණිල්ලක් තිබේ නම් කාර්යාල වේලාවන් තුළ දුරකථන අංක 011-2698529  අමතන ලෙස මෙම නිවේදනය නිකුත් කළ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන දන්වා තිබේ.