කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක අවට හා වටරැක කොස්හේන ප්‍රදේශයේ පොල් වතුවලට සුදු මැස්සාගෙන් දැඩි හානි සිදුවෙමින් පැවතීම නිසා ඉදිරියේදී ගෙවත්තකින් පොල් ගෙඩියක් සොයා ගැනීමට හැකිවේදැයි යන දැඩි අවදානමක් පවතින බව වතු හිමියෝ පවසති.
පොල් වගාවට පැතිර යන මෙම රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් හෝ ගොවිජන සේවා කාර්යාල මට්ටමෙන් හෝ මේ සම්බන්ධයෙන් වගකිව යුතු අංශවල අවධානය යොමු නොවීම නිසා තම පොල්ගස් විනාශ වනතෙක් තමන් දැනුවත් නොවන බව ජනතාව පවසති. මෙවැනි තත්වයක් මත ඉදිරියේදී පොල් ඵලදාව අඩුවීමත් සමඟම පොල් ගෙඩියක මිල කොපමණ ගණනක් විය හැකිදැයි සිතාගත නොහැකි බවද ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ ආනන්ද ජයවර්ධන මහතා මෙසේ පැවසීය. මේ වනවිට මගේ පොල් වත්තක ගස් 200-300 ක් පමණ මෙම සුදු මැස්සාගෙන් හානි සිදුවී පවතිනවා.
විශේෂයෙන් මෙම මැස්සා තැඹිලිගස්වල අතුවලට හානි කිරීමට දැඩි රුචිකත්වයක් දක්වනවා. දිවයින්නේ තවත් ප්‍රදේශවල පොල් වගාවන්ට මේ මැස්සාගෙන් හානි සිදුවී ඇති බව මාධ්‍ය මගින් ප්‍රචාරය වුවත් වගකිවයුතු අංශ ජනතාව දැනුවත් නොකිරීම මෙම රෝගය පොල් ගස්වලට ව්‍යාප්ත වීම ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශය භාර පොල් සංවර්ධන නිලධාරි මහතාගෙන් සහ ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයෙන් විමසීමේදී පොල් ගස්වලට සුදු මැස්සාගෙන් සිදුවන හානිය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරමින් පවතින බව කීවා. මේ සම්බන්ධයෙන් පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රදේශය භාර නිලධාරී සමන් විතානවසම් මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.
මේ වනවිට පොල් වගාවට සුදු මැස්සාගෙන් හානි සිදුවෙමින් පවතිනවා. එය හඳුනාගැනීමේ මූලික ලක්ෂණය වනුයේ පොල් අත්ත සම්පූර්ණයෙන් කහ පැහැ ගැන්වී ඇත්තේ මතුපිට දුඹුරු පැහැ ගැන්වෙනවා. යට පැත්ත මකුළුදැලක් බැන්දා හා සමාන සමනළ කීටයන් දක්නට ලැබෙනවා. එය වළක්වා ගැනීම සඳහා කෘමි නාශක වර්ග 03ක් විවිධ මාත්‍රා යටතේ නිර්දේශ කර තිබෙනවා. මීට අමතරව වතුර ලීටර් එකකට කොහොඹ තෙල් මිලි ලීටර් 10ක් හා සබන් කුඩු ග්‍රෑම් 05ක් මිශ්‍රකර ඉසීමත් සිදුකළ හැකි බවද ඔහු පැවසීය.
(පාදුක්ක නිහාල් වෙත්තසිංහ)
0 Comments