කොළඹට ආසන්න ප්‍රදේශයේ පාසලක තරුණ ගුරුවරියක සමග රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සිටිය දී ඇයට ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව එම පාසලේම ගුරුවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ ඊයේ (25) කරුණු වාර්තා කළේය. විසිපස් හැවිරිදි පැමිණිලිකාර තරුණ ගුරුවරිය, තිස්පස් හැවිරිදි ගුරුවරයා සමඟ ඉකුත් 19 වැනිදා ගල්කිස්සේ පිහිටි සමාජ ශාලාවකට ගොස් මත්පැන් පානය කර නටමින් සතුටුවෙමින් සිට ඇති බවත්, පසුව වෙනත් සමාජ ශාලාවකට ද ගොස් ඇති බවත් කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
අනතුරුව කුරුඳුවත්ත ප්‍රදේශයේ හෝටලයකට ගොස් රුපියල් 6000ක මුදලකට කාමරයක් වෙන් කරවාගෙන ඇති එම ගුරුවරයා, ගුරුවරිය සමග එදින රැය ගත කර පසුවදා සවස නැවත නිවෙස් වෙත ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් ගුරුවරිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ඉන්පසුව බව ද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. එදින තමන් දැඩි ලෙස මත්ව සිටි අතර තමාගේ මුහුණ සීරි තිබීම හේතුවෙන් තමන්ට අතවරයක් සිදුවී දැයි යන්න පිළිබඳ සැකයක් මතුවී ඇති බවත්, තමාගේ නිරුවත් ඡායාරුප එම ගුරුවරයා විසින් ලබාගනු ලැබ ඇත්දැයි යන්න සම්බන්ධයෙන් ද තමන්ට සැකයක් ඇති බැවින් මේ පිළිබඳව සොයා බලන ලෙසත් පැමිණිලිකාරිය සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇතැයි පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
තමන් මෙම ගුරුවරයා සමග රාත්‍රී සමාජ ශාලාවට යන බවට පැමිණිලිකාර ගුරුවරිය ඇයගේ පෙම්වතාට ද දැනුම් දී තිබූ බවට කරුණු අනාවරණය වූ බව ද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. මෙම සිද්ධියට අදාළව පැමිණිලිකාර තරුණ ගුරුවරිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවූ බවත්, එම වාර්තාවට අනුව දූෂණයක් සිදුව ඇතැයි කියන කරුණ බැහැර කිරීමට නොහැකි බව අධිකරණ වෛද්‍ය වාර්තාවේ සදහන්ව ඇති බවත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ගුරුවරයා තම පොලිස් ස්ථානයට කැඳවා ප්‍රකාශ ලබාගත් අතර තමන් කිසිදු දෙයක් එම ගුරුවරියට නොකළ බවත් කාමරයක් වෙන්කරවා ගෙන ඇය හා රාත්‍රිය ගත කළේ ඇය ආරක්ෂා කිරීමට බවත් ගුරුවරයා කළ ප්‍රකාශයේ සඳහන් වන බව කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. ම ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන බව ද කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.
නිමන්ති රණසිංහ
0 Comments