cricket-world-cup-updates

ලෝක කුසලාන විස්සයි20 තරගාවලියේ ඊයේ පැවති තරග දෙකටම මෙල්බන්හි පැවති අයහපත් කාලගුණය බලපෑ අතර එංගලන්ත පිල පරදා අයර්ලන්ත පිල එක් තරගයකින් ජයගත්තේ වර්ෂාව නිසා ඩක්වත් ලුවිස් න්‍යායෙනි.
අයර්ලන්ත පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 157 ක් ඕවර 19.3 කදී ලබාගත්තේ සියල්ලන් දැවීමෙනි. අනතුරුව පිටියට පිවිසි එංගලන්ත පිලට වාර්ෂා බාධා නිසා තරගය නිසියාකාරව සිදුකරන්නට බැරිව ගියේය.

පසුව ලබාදුන් ඉලක්කය අනුව එංගලන්තය ලකුණු 5 ක් අඩුවෙන් තිබියදී වර්ෂාව නිසා තරගය මුළුමනින් නතරවූ අතර ඩක්වත් ලුවිස් න්‍යාය අනුව අයර්ලන්ත පිල ජයගත්තේය.
ඊයේ පවත්වන්නට නියමිතවූ දෙවන තරගය නවසීලන්තය හා ඇෆ්ගනිස්තානය අතර නොපවත්වා අත්හරින්ට සිදුවූයේ වර්ෂා බාධා නිසාය. මේ නිසා දෙපිලටම ලකුණු 1 බැගින් හිමි විය.
ලෝක කුසලානය යටතේ අද තරග තුනක් පැවැත්වේ.
දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශ පිල අතර තරගය සිඩ්නි හිදීත්,ඉන්දියාව හා නෙදර්ලන්තය අතර තරගය සිඩ්නි හිදීත් පකිස්තානය හා සිම්බාබ්වේ අතර තරගය පර්ත්හිදීත් පැවැත්වේ.
තරග නොපවත්වා අත්හැරීමේ වාසිය ඒ ඒ කාන්ඩවල අනෙක් රටවල්වලට වාසිදායක ලෙස බලපා ඇත.


නවතම පොයින්ට්ස් ටේබල් පහතින්