dambulla-templa-incident

මල්වට්ටියක් රුපියල් ලක්ෂ එකොළහකට, ගීතයක් රුපියල් 5000කට පොල් ගෙඩි හාරදහසක් රුපියල් ලක්ෂ දෙකකට වෙන්දේසියේ අලෙවි වූ ඉතා දුර්ලභ අවස්ථාවක් දඹුල්ල කිරලැස්ස ග්‍රාමයෙන් ඊයේ (12) වාර්තා විය.  දඹුල්ල, කිරලස්ස පුෂ්පාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාවකට ආධාර ලබාගැනීම සඳහා එහි තරුණ බෞද්ධ සමිතිය දින තුනක කාලයක් විහාරස්ථානයේ නාට්‍ය හා සල්පිල් වෙයි පිංකමක් සංවිධානය කොට තිබිණි. මෙම නාට්‍ය මාලාවේ තුන්වැනි දිනය පෙරේදා (11දා) රාත්‍රියේ විහාරස්ථාන භූමීයේදී ද පැවැති අතර, මල් වට්ටි වෙන්දේසිය,

පොල් තොරණ වෙන්දේසි කිරීම, ආධුනික ගීත ප්‍රසංගය සහ විවිධ භාණ්ඩ වෙන්දේසි කිරීම පසු දින අලුයම දක්වා සිදුකෙරිණි. මුලින්ම ආධුනික ගීත ප්‍රසංගය ආරම්භ කෙරුණු අතර, එහිදී පැය හතරක පමණි කාලයක් එක දිගටම එක් පුද්ගලයෙකු රුපියල් පන්දහසක මුදලක් ලබාදී එක ගීතයක් ගායනා කිරීම සිදුකෙරීය. දෙවනුව පිංකම් මාලාවේ මල්වට්ටි වෙන්දේසිය ආරම්භ කෙරිණි.



මෙම වෙන්දේසිය ප්‍රවීණ විරිදු හා හිටිවන කවී ශිල්පී වයි.එම්.එස්. බණ්ඩාර මහතා විසින් මෙහෙයවන්නට විය. අලංකාරව සූදානම් කර තිබූ මල් වට්ටිය පැය හතරක පමණ කාලයක් එකිනෙකා අතර් විවිධ මිල ගණන් යටත් තක්සේරු  කරන්නට වූ අතර, අතිවිශාල ජනතාව අතරේ  කණ්ඩායම් බෙදී මල් වට්ටියට ලංසු තබන ලදී.අවසානයේදි දසලක්ෂ පනස්දහසක මුදලකට ප්‍රදේශයේ පදිංචි සහෝදරයන් තිදෙනකුවන ප්‍රියන්ත බණ්ඩාර, ශාත්ත බණ්ඩාර හා පද්ම නිමල් බණ්ඩාර යන තිදෙනා විසින් අවසත් ලන්සුව තබාහිමිකර ගත්හ.ලංකා ඉතිහාසයේ පළමු වතාවට මල් වට්ටියක් රුපියල් ලක්ෂ 10 ඉක්මවා වෙන්දේසි වූ පළමු අවස්ථාව මෙය බව ප්‍රවීණවිරිදු ශිල්පී වයි.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කළ අතර,

ලක්ෂ 10ක මුදල ප්‍රකාශයට පත් කරනවාත් සමග කවි ගායනා කරමින් සිටි ඒ මහතා එකවරම පපුව අල්ලාගෙන එම ස්ථානයෙන් ඉවත්ව යෑම විශේෂත්වයකි. එමෙන්ම වඩසටහන් මෙහෙයවමින් සිටි නිවේදක

එස්. වත්තේගදර මහතා තවත් පිරිසක් සමග එක්ව රුපියල් පනස්දහසක මුදලක් මල් වට්ටියට එකතුකොට එය ලක්ශ 11 ක තක්සේරුවක් බවට පත්කරමින්, විහාරාධිපති දෙවහේවේ සුගුණසාර හිමි අතින් අයියා මලෝ තිදෙනාහට මල් වට්ටිය භාරදීමෙන් අනතුරුව පන්සල් භූමියේ පිහිටි බුදුපිළිමයට පූජා කිරීම සිදුවිය. මේ අතර ලෙලි සහිත ගෙඩි 4000කට  ආසන්න පොල් තොරණද රුපියල් දෙලක්ෂ දසදහසක මුදලකට වෙන්දෙසියේ අලවි විය.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස )