dewmi-death

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් 2020 වසරේදී ඉතා විශිෂ්ට ලෙස සමාර්ථය ලැබූ දික්වැල්ල, රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යායේ ඉගෙනුම ලැබූ දෙව්මි රන්සරා දැරිය හදිසියේම මියගොස් ඇත.


 මෙම දරුවා විභාගය සමත්වී රටේම ආදරයට හා ගෞරවයට පාත්‍රවූයේ දෙපා ඇතුළු ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණිකව තිබියදීත් සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම ජයගත් නිසාය.
ඇය අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී සියලුම විෂයන් සඳහා ඒ සාමාර්ථ ලබාගනිමින් මේ ජයග්‍රහණය සහතික කර තිබිණි.
 දෙපා අප්‍රාණිකව සිටි මේ දිරිය දියණියව දෙමාපියන් පාසලට ගෙන ආවේත්, ආපසු නිවස කරා රැගෙන ගියේත් කරපින්නා ගෙනය.
 උපතින්ම හිමිව තිබූ ශරීරයේ ආබාධ  මායිම් නොකර පාසල් අධ්‍යාපනයත්, දහම් පාසල් අධ්‍යාපනයත් ඉහළින්ම ජයගත් මේ දිරිය දියණිය ශ්වසන අපහසුතාවයක් මත ජීවිතයට සමුදී ගියේ දෙමාපිය නෑ හිතවතුන්ගේ මෙන්ම පාසලේ ගුරුවරුන්ගේ දෙනෙත් කඳුළැලි වලින් පුරවා දමමිනි.