dhal-rice-sugar-flour-price-down

අද (18) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් මේ වන විට වෙළෙඳපොලේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් පහත වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.



 ඔහු කියා සිටියේ, ඊයේ (17) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳව සාකච්ඡා කළ බවත් එහි දී වෙළෙඳපොලේ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් අඩු වී ඇති බවත් වෙළෙඳ අමාත්‍යවරයා පැවසූ බවයි.

පරිප්පු කිලෝවක මිල රුපියල් 685 සිට රුපියල් 398 දක්වාත්,
නාඩු සහල් කිලෝවක මිල රුපියල් 220 සිට රුපියල් 165 දක්වාත්,
සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 210 සිට 160 දක්වාත්,
සීනි කිලෝවක මිල රුපියල් 375 සිට රුපියල් 275 දක්වා ද,
තිරිඟු කිලෝග්‍රෑමයක මිල රුපියල් 395 සිට රුපියල් 275 දක්වාද

පහත වැටී ඇති බව වෙළෙඳ අමාත්‍යවරයා තමා සමග ප්‍රකාශ කළ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මෙහි දී කියා සිටියේය.
 කිරිපිටි මිල අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර, මෙම මිල අඩු කිරීමට අදාළ වෙළඳපල තත්ත්වයන් පිළිබඳව වාණිජ අමාත්‍යවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් මගින් පැහැදිලි කරනු ඇති බවද කීය.