dilshan-madushnaka-world-cup

ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ.  මෙම ආබාධය සිදුව තිබෙන්නේ ඊයේ(15) පැවති පුහුණුවීම් අතරතුරදීය.
ඒ අනුව, 22 හැවිරිදි වියේ පසුවන මධුශංකට සිය කුළුදුල් ලෝක කුසලාන තරගාවලිය  අහිමි විය.

 ඩිල්ෂාන් මධුශංඛවැටීමකට ලක්වීමෙන් තුවාල ලද අතර සෙනසුරාදා පුහුණුවීම් වලින් ඉවත්ව සිටිනු දක්නට ලැබුණි.
 ඉක්මනින්ම MRI ස්කෑන් පරීක්ෂණයක් කිරීමට යවන ලද අතර එහිදී තුවාලය තහවුරු කළේය.

ඔහු ලෝක කුසලාන තරඟාවලියේ  කොටසක් හෝ  ක්‍රීඩා කිරීමට නොහැකි බව වෛද්‍යවරුන් පේන්වාදී ඇත.

මෑත කාලීන ආසියානු කුසලානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට පිවිසි මධුශංක, තරඟ 6කදී කඩුලු 6ක් දවා ගනිමින් සහ 7.75ක ආර්ථික වේගයක් පවත්වා ගනිමින් තරඟාවලිය පුරාවටම දක්ශතා දැක්වීය..

පවර්ප්ලේ ඕවරවලට සජීවී වේගයක් සහ දෝලනය කිරීමක් මෙන්ම පන්දුයැවීමේ විවිධත්වයක් ගෙන දුන් ඔහු දුෂ්මන්ත චමීරගෙන් පසුව ශ්‍රී ලංකාවේ දෙවැනි තේරීම විය. නැමීබියාවට එරෙහිව ඉරිදා පැවැත්වෙන පළමු වටයේ තරගය සඳහා ඔහු තරගකරන්නට නියමිතව සිටියත් නොහැකි විය.



මධුශංක වෙනුවට කණ්ඩායමට ඇතුළත් කරනු ඇත්තේ ළහිරු කුමාර , ප්‍රමෝද් මධුෂාන් හා බිනුර ප්‍රනාන්දු යන අයගෙන් කෙනෙකි.

මෑතදී ආසියානු කුසලාන ජයග්‍රහණයක් ලැබුවද, ශ්‍රී ලංකාව ලෝක කුසලාන ප්‍රධාන තරගයට සුදුසුකම් ලැබීමට නම්, ඔවුන් නැමීබියාවට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නෙදර්ලන්තය සමඟ ක්‍රීඩා කරන ලෝක කුසලානයේ පළමු වටයට ක්‍රීඩා කළ යුතුය.