driver-licence-fee

රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊයේ (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනයට අනුව නව රියදුරු බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමේ ගාස්තුව සාමාන්‍ය සේවා යටතේ එක් පන්තියක් සඳහා රුපියල් 2,500ක් අය කරන අතර එක්දින සේවා යටතේ එය රුපියල් 3,500ක් වේ.



ඒ ආකාරයට රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණ ගාස්තු, ප්‍රායෝගික පරීක්ෂණ ගාස්තු, රියදුරු බලපත්‍රයට අලුත් වාහන පන්ති එකතු කිරීම, රියදුරු බලපත්‍රය අලුත් කිරීම සහ වලංගු කාලය දීර්ඝ කිරීම සඳහා වන ගාස්තු ද සංශෝධනය කර ඇත.

ඊට අමතරව විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රලාභීන් සඳහා වන මාර්ගගත සේවා සඳහා අය කිරීම අමෙරිකානු ඩොලර් මඟින් සිදුකිරීමට අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.
ගැසට් නිවේදනය පහතින් දැක්වේ