farmer-fuel-tank-price-hike

ගොවීන්ට ලබාදන ඉන්ධන ගඩබා කරන හිස් බූලියක් රුපියල් 5,000ත් 7,000 දක්වා මිලකට ඇතැම් ප්‍රදේශවල අලෙවි කරමින් තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සදහන් කරයි. ලීටර් 30ක් දැමීමට හැකි හිස් බූලියක මිල මේ ආකාරයට අධික ලෙස ඉහළ යාම නිසා ගොවිජනතාව දැඩි ලෙස අසරණ වී සිටින බවත්, කිවි.ආර්. ක්‍රමයට වගා අක්කරයක් සදහා ලබාදෙන ඩීසල් ලීටර් 30ක ප්‍රමාණය එකවර ගැනීමට සිදුවීම නිසා මෙම ගැටලුව ඇති වී තිබෙන බවත් එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය. මීට පෙර ධ්‍රැක්ටර් රථ හිමියන් විසින් ඉන්ධන පිරවුම්හල් වෙත ගොස් ට්‍රැක්ටරයට ඉන්ධන ලබාගෙන බීම සකස් කරදීම සිදුකළ බවත්, එහෙත් පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් මෙම කිව්.ආර්. ක්‍රමය හදුන්වාදී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

  එම කිවි.ආර්. ක්‍රමයට ලබාදෙන ඉන්ධන ගබඩා කරගත සිට තම භූමියේ සී සෑමේදී හා අනෙකුත් බිම් සකස් කිරිමේදී. ගොවීන් විසින් ට්‍රැක්ටරයට ඉන්ධන ලබාදීම සිදුකළ යුතු බවත්, පවතින ත ත්වය සැලකිල්ලට ගෙන ඇතැම් කෘෂිකාර්මික ප්‍රදේශවල හිස් බූලි අලෙවී කරන පිරිස් බූලිවල මිල අධික ලෙස ඉහල දමා තිබන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය. කිව්.ආර්. ක්‍රමයට ලබාදන ඉන්ධන ප්‍රමාණය එකවරම ලබා ගැනීමට සිදු වී තිබෙන නිසා මෙම ගැටලුව මූලික වශයෙන් ඇති වී තිබෙන බවත්, මේ නිසා කිව්.ආර්. ක්‍රමයට හිමි ඉන්ධන ප්‍රමාණය අවස්ථා කිහිපයකදී ලබාගත හැකි ක්‍රමයක් හදුන්වාදිය යුතු බවත් ඒ මහතා පැවසීය. කුඹුරු වගාවේදි බිම් සකස් කිරීම අවස්ථා තුනකදී සිදුකරන නිසා ගොවි ජනතාවට අවස්ථා තුනකදී කුඩා බූලියකට ඉන්ධන ලබාගැනීමට අවස්ථාව ලබාදීම තුළින් බූලිවල මිල ඉහළ යාමත් ගොවී ජනතාව අසරණි වීම වළක්වා ගැනීමට හැකි බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය. මීට අමතරව ඩීසල් මිල ඉහළ යාම නිසා මෙවර කක්නයේදී බිම සකස් කිරීම් කටයුතුවලදී ගොවිජනතාවට

අක්කරයකට රුපියල් 22,000ත් රුපියල් 25,000ත් අතර මුදලක් වියදම් කිරීමට සිදුව තිබෙන බවත්, මේ නිසා ගොවිජනතාවට සහනාධාර ක්‍රමයකට ඉන්ධන ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පවසා සිටියේය.

(ඉන්දික හේවාවිතාරණ)