foreign-45-woman-kid-report

රැකියා සඳහා විදෙස්ගත වන වයස අවුරුදු 45ට අඩු කාත්නාවන් සදහා දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ පිළිබද වාර්තාවක් ඉදිරිපත් කිරිම අනිවාර්ය කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙය හුදෙක් විදේශගත වන මවුවරුන්ගේ දරුවන්ගේ රැකවරණය සහ අධ්‍යාපන වැඩ කටයුතු සාර්ථකව සිදුකරලීම සඳහා ගනු ලැබූ පියවරක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. තවද වීදේශ සේවයේ නියුතු කාලසීමාව තුළදී දරුවන්ගේ වගකීම වෙනුවෙන් බැදී සිටීමට පෙනී සිටින පවුලේ සාමාජිකයන් හඳුනාගැනීමත්,

අම්‍යංශය හෝ කාර්යාංශය නිලධාරීන්ගේ විශේෂිත මැදිහත්වීමක් / සහනයක් අවශ්‍ය යැයි හඳුනාගනු ලබන පවුල් සදහා එම සහන වඩා එලදායී ලෙස ලබාදීම පිළිබද සකස් කර ඇති සැලසුම් ක්‍රියාත්මක කිරීමත් මෙමගින් අපේක්ෂිතය.

ඒ අනුව මින් ඉදිරියට විදේශ රැකියා  සඳහා කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී බාලවයස්කාර දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාව ඉදිරිපත් කළ යුතු වන්නේ අවුරුදු 45ට අඩු කාත්තාවන් පමණින් බවද කාර්යාංශය සදහන් කරයි. එහෙත් වයස අවුරුදු 45ට වැඩි කාත්තාව වයස අවුරුදු 02 හෝ ඊට වැඩි වයසැති දරුවන්ගේ රැකවරණය පිළිබදවන වැඩපිළිවෙළ සඳහන් ස්වයං ප්‍රකාශයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වන අතර,

ඒ පිළිබද දිවුරුම් ප්‍රකාශ ලබාදීම අවශ්‍ය නොවේ. තවද, වයස අවුරුදු 45ට අඩු කාන්තාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාව ලබාගැනීම සදහා ග්‍රාම නිලධාරි සහතිකය ලබාගැනීමේදී. තමාපදිවී වසමේ ග්‍රාම නිලධාරින්ගෙන්ම ලබාගත යුතු අතර, යම් පුද්ගලයකු ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති නම් දැනට තාවකාලිකව පදිවි වසමත් අයදුම්පත ඉදිරිපත් කළ යුතු අතර, අවසන් වරට ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිව තිබූ  වසම් ග්‍රාම නිලධාරින්ගේ ලිපියක් සහිත අයදුම්පත ඉදිරිපත් කළ යුතු වේ.

විදේශ රැකියාවක නිරතව සිට පැමිණි නැවත විදේශගත වන කාන්තාවන්ට පැමිණි දින සිට මාස 09ක් ඇතුළත විදේශගත වත්කම් දරුවන්ගේ රැකවර වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීම

අවශ්‍ය නොවන බවද කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි. මෙලෙස විදේශගත වීමට අවස්ථාව ලබාදන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණි කාන්තාවන්ට පමණි. පැමිණි දින සිට මාස 09 ඉක්මවූ පසු නැවත විදේශ රැකියාවක් සදහා පිටත්ව යන් නම් දරුවන්ගේ රැකවරණ වැඩපිළිම්වළ පිළිබද වාර්තාව ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ. මෙම වාර්තාව ලබාගැනීමේදී පදිංචිය පිළිබද හෝ වෙනත් යම් ගැටලුවක් ඇති වුවහොත් ඒ පිළිබඳ සොයා බලා තීරණය කිරිම සදහා අමාතශ ලේකම්වරයා විසින් පත්කරනු ලබන විශේෂ කමිටුවක් වෙත බලය පවරනු ලබන බවද කාර්යාංශය කියයි.

(නවෝද්‍යා පවනි)