නීති විද්‍යාලය සදහා ප්‍රවේශ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට ගත් අසාධාරණ රෙගුලාසිය අහෝසි කරන ලෙසට අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඒ මහතා සඳහන් කළේ මෙමගින් ග්‍රාමීය ජනතාවද දැඩි අපහසුතාවට පත්වන බවයි. ඊයේ (17දා) පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ අදහස් දැක්වූ ගම්මන්පිල මහතා,



"අලි සබ්‍රි ඇමතිවරයා අධිකරණ ඇමති ලෙස ප්‍රකාශයට පත් කළ රෙගුලාසියකින් දරුවන්ට තම මවුබසින් නීතිවිද්‍යාලයේ විභාග ලිවීමේ අයිතිය උදුරාගෙන තිබෙනවා. අද ලංකාව පුරා පවතින මහේස්ත්‍රාත් අධිකරණ දිසා අධිකරණ සහ මහාධිකරණවල භාෂාව එක්කෝ සිංහල. නැතිනම් දෙමළ, ඉංග්‍රීසි බසින් කටයුතු කරන්නේ අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විතරයි. එහෙම නම් නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීම් තාර්කික පදනම කුමක්ද?

ඉංග්‍රීසි විතරක් දන්ත තීතිඥයෝ බිහිවුණු වුත් මේ අපේ ජනතාවම තමයි අසරණ වෙන්නේ. ඉංග්‍රීසි බැරි අහිංසක සාමාන්‍ය පුද්ගලයකුට තමත් නීතිඥයාට ලබාදුන් තොරතුරු ඒ අයුරින්ම අධිකරණය ඉදිරිපත් වෙනවාදැයි තහවුරු කරගන්නට හැකියාවක් නොමැති වෙනවා. එහෙම නම් ඉංග්‍රීසි යුගයේ ඉංග්‍රීසි බැරි අහිංසක ජනතාව මුහුදුත් තත්ත්වය යළි ඇති වීමයි සිද්ධවන්නේ. ඉ

ංග්‍රීසි අධිරාජ්‍යවාදී යුගයේදී මේ රටේ ජනතාවගේ ඉරණම ඉංග්‍රීසි ජාතිකයෙකු වුණු ලෙනාඩ් වුල්ෆ් ලියූ බැද්දේගම නවකතාවේ අපූරුවට පෙන්වනවා.

එදා එම නවකතාවේ ඉන්න සිනිදුට උසාවිය ඉංග්‍රීසියෙන් නඩු අහලා මරණ දඩුවම දෙනවා. සිලිඳුට මරණ දඩුවම නියම වුණේ ඇයි කියලා විතරක් නොවේ අඩුම ගානේ තමන්ට මරණ දඬුවම නියම වුණු බවවත් සිලිඳු දන්නේ නෑ. එදා ඉංග්‍රීසි යුගයේදී සිලිඳුගේ ඉරණමම මේ රටේ අහිංසක ජනතාවට අත්කරන්න එපා කියලා ආණ්ඩුවට කියමින් මේ අසාධාරණ රෙගුලාසිය අහෝසි කරන්න කියා අධිකරණ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන්ද සඳහන් කරයි.

(නවෝද්‍යා පවනී)