gl-chandrika

පසුගිය සති අන්තයේ හිටපු අමාත්‍යවරුන් වන ජී.ඇල්. පීරිස් හා හා නාලක ගොඩහේවා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩරනායක කුමරණතුංග මුණ ගැසී ඇත.

කලක් නයි මුගටි මෙන් සිටි ජී.ඇල්., චන්ද්‍රිකා යුවළ මෙසේ මුණගැසීම මේ වනවිට දේශපාලන කරළියේ රැව්පිළිරැව් දෙන මාතෘකාවක්ව තිබේ. ‘‘දෙන්නටම ලැජ්ජා නෑ’’ මේ පුවත සැලවන සෑම දේශපාලනඥයකුගේම මුවින් අනිවාර්යයෙන්ම පිටවන වදන වී තිබේ.



කෙසේ වෙතත් මෙම පස මිතුරන් හොඳ මිතුරන් වීම පසු පසද දේශපාලන කූට උපායන් කීපයක්ම ඇති බව වාර්තා වේ. පැය දෙකහාමාරකට අධික කාලයක් ජී.ඇල්., චන්ද්‍රිකා යුවළ අතර ඇති වූ සාකච්ඡාවේදී රාපක්ෂ පවුල් පාලනය සහමුලින්ම ලංකාවේ දේශපාලනයෙන් අතු ගා දමන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා වී ඇත.

 මෙහිදී රාජපක්ෂවරුන්ට පහරදීමට දකුණේම නායකයකු බිහිකිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති අතර ඩලස් ඒ සඳහා කදිම පුද්ගලයා බව තීන්දු වී තිබේ. ඒ අනුව රාජපක්ෂලාට එරෙහි ඩලස් මෙහෙයවීමට මෙහිදී තීන්දු වී තිබේ. ‘‘බලන්නකෝ අපිට හරිහමන් විපක්ෂයක් නැති එකනේ ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. විපක්ෂ නායකයා විදිහට ඉන්නේ පිස්සෙක්. මේ යකා කතා කළොත් දෙයක් කිසිම වැදගම්මකට නැති කතාවක් තමයි කරන්නේ’’ යනුවෙන් චන්ද්‍රිකා පැවසූ බව ද වාර්තා වේ.


චන්ද්‍රිකා මේ වනවිට මෙරට ප්‍රධාන ධාරවේ දේශපාලනයන් රැසකටම පහර දෙමින් සිටී. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලට, ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේනට විපක්ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට මේ ආකාරයෙන් පහර දීමෙන් චන්ද්‍රිකා බලාපොරොත්තු වන්නේ කවුරුන් උත්කර්ෂයට නගන්නදැයි දැන් දැන් දේශපාලන ලෝකයේ ප්‍රශ්නාර්ථයක් මතුවී තිබේ.