good-price-changes

ශ්‍රී ලංකාවේ දුගීභාවයෙන් පෙළෙන පවුල් පිට පෙර රුපියල් 100 කින් මිලදී ගත් ආහාර සහ  අත්‍යවශ්‍ය භාණ්ඩ දැන් මිලදී ගැනීමට රුපියල් 166 ක මුදලක් වැයවන බව මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ් මහතා පවසයි.

දකුණු ආසියාවේ දරිද්‍රතාව තුරන් කිරීම සම්බන්ධයෙන් "ඔරොත්තු දීමේ හැකියාව අවිනිශ්චිත අනාගතයක සැරිසැරීමට ශ්‍රී ලංකාවේ ශක්තිය" යන මැයෙන් ඔහු ලෝක බැංකු බ්ලොග් අඩවියේ පළකර ඇති ලිපිය මගින් මේ බව සඳහන් කර ඇත.



ආර්ථිකය හැකිවීම හේතුවෙන් ලාංකිකයන්ගේ රැකියා අහිමි වී ඇති අතර කම්කරු වැටුප්ද අඩු වී ඇතැයි එම ලිපියේ සඳහන් වේ. එසේම කර්මාන්ත සහ සේවා ක්ෂේස්ත්‍රයේ 2021 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ රැකියා ලක්ෂ 5 ක් අහිමි වී ඇතැයි ලෝක බැකුව ඇතමේන්තු කර තිබෙන බවද එම ලිපියේ දැක්වේ. කර්මාන්ත සහ සේවා ක්ෂේත්‍රයේ තවදුරටත් රැකියාවේ නියුතු පුද්ගලයන්, ලබන ආදායමෙන් සියයට 15 ක අඩු වීමක් සිදු වෙතැයි අපේක්ෂා කරන බව හඩාඩ් මහතා එම ලිපියේ සඳහන් කර ඇත.

කොවිඩ් වසංගතය සහ මෑතකාලීන ආර්ථික අර්බුදය රට අවුල් ජාලයකට ඇද දමන තෙක් ශ්‍රී ලංකාව අන්ත දිළිඳුකම තුරන් කිරීමේ මාවතේ ගමන් කරමින් සිටි බවත්, 2006 සිට 2016 දක්වා කාලය තුළ අන්ත දිළිඳුකමෙන් පෙළෙන එසේත් නැතිනම් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු ඩොලර් 2.15 කට වඩා අඩු ප්‍රමාණයකින් දිනක් ජීවත් වූ පුද්ගලයන් සංඛ්‍යාව සියයට 11 සිට සියයට 1.3 දක්වා පහත වැටුණු බවත් එහිදී ලක්ෂ 20 ක ජනතාවක් අන්ත දිළිඳුකමින් මුදාගැනුණු බවත් හඩාඩ් මහතා පැවසුවේය.

ශ්‍රී ලාංකිකයන් තමාගේ අවශ්‍යතා සපුරාගන්නේ කෙසේද යන අභියෝගයට අද වනවිට මුහුණ දී සිටින බවත්,

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය අන්ත දිලිඳු භාවය තුරන් කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගත් දශක ගණනක ප්‍රගතිය නැතිකර දමා තිබෙන බවත් හඩි මහතා පෙන්වා දී ඇත. 2009 න් පසුව වාර්තා වූ ඉහළම දරිද්‍රතා අනුපාතය ශ්‍රී ලංකාව අත්විඳිමින් සිටින බවද හඩාඩ් මහතා සඳහන් කර ඇත.ඉකුත් වසරේ සිට මෙම වසර දක්වා කාලය තුළ දළ වශයෙන් ලක්ෂ 27 ක අමතර ජනතාවක් දුගීභාවයට පත්ව ඇති බවත්  දුගීභාවයෙන් පෙළෙන ජනතාවගෙන් සියයට 80 ක් ගම්බද පළාත්වල ජීවත් වන බවත් හඩාඩ් මහතා එම ලිපිය මගින් පෙන්වා දී ඇත, එසේම නගරබද දරිද්‍රතා අනුපාතය සියයට 15 දක්වා තුන්ගුණයකින් වැඩි වී ඇති බවත්, වතුකරයේ ජනතාවගෙන් හරි අඩක් දරිද්‍රතා සීමාවෙන් පහළ සිටින බවත් එම ලිපියේ දැක්වේ.


විමුක්ති එස්. රුද්‍රිගු