අරගලකරුවන්ට ඉකුත් මැයි 9 වැනිදා පහරදීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණයට 5 වැනිදා දැනුම් දුන්නේය.
ඉකුත් මැයි 9 වැනිදා ගෝඨාගෝගම සහ මයිනාගෝගම අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත පැවැත්වූ විමර්ශනය එලෙස අවසන් කළ බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, අදාළ විමර්ශන ගොනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයා වෙත භාරදුන් බවද දන්වා සිටියේය.
මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 36 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් දැනට ඇප මත මුදාහැර සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත පැවැත්වූ විමර්ශනයද අවසන් කළ බව දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි විමර්ශන ගොනුවද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කළ බවද අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිද්ධියට අදාළ නඩුව ලබන නොවැම්බර් 30 වැනිදා යළි කැඳවීමට නියමිතය.
(ඉෂාර රත්නකාර)
0 Comments