hen-egg-chicken-price

බිත්තර දමන කිකිළියන් දෛනිකව විශාල ලෙස මස්වලට විකිණීම නිසා කුකුළු මස් මිල විශාල ලෙස පහළ යමින් තිබෙන බවත්, මෙම තත්ත්වය දිගටම පැවතියහොත් ඉදිරි උත්සව සමය වනවිට විශාල බිත්තර හිඟයක් ඇති වන බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය සඳහන් කරයි.

මීට සති දෙකකට පෙර කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් 1,400ත්1,500ත් අතර මිලක් ගත් බවත්, ඊයේ (26දා) දිනය වනවිට කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් 1,000 දක්වා අඩු වී තිබෙන බවත් එම සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා පැවසීය. කුකුළු මස් මිල විශාල ලෙස පහළ යාම නිසා කුකුළු මස් ව්‍යාපාරිකයන් හා ගොවිපොළ හිමියන් අසරණ වී සිටින බවත්, බිත්තරයක් නිෂ්පාදනය කිරීමට අධික මුදලක් වැය වුවත්, බිත්තරයක සිල්ලර මිල රුපියල් 50ක් විය යුතු බවට නීතියක් පවතින නිසා බිත්තර නිෂ්පාදන කටයුතුවලින් ගොවිපොළ හිමියන්ට ලාභ නොමැති බවත් හෙතෙම පවසා  සිටියේය.මේ නිසා බිත්තර කර්මාන්තය සඳහා යොදාගත් කිකිළියන් මස්වලට විකුණා දැමීමට ඇතැම් ගොවිපොළ හිමියන් කටයුතු කරමින් තිබෙන බවත්, මෙම තත්ත්වය පාලනය කර ගැනීමට බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

(ඉන්දික හේවාවිතාරණ )