ගාල්ල ප්රදේශයේ පැවති අවමගුල් උත්සවයකට සහභාගී වී නැවත එමින් සිටි වෑන් රථයක්, කහතුඩුව ප්රදේශයේ සිට කටුනායක දෙසට යමින් සිටි ජීප් රථයක ගැටී අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කඩවත අතර අද අලුයම අනතුරක්සිදුවී තිබේ.
මාරක රිය අනතුරකින් කාන්තාවක මියගොස් හය දෙනකු තුවාල ලබා ඇතිඅතර තුවාල කඑුවන් හෝමාගම රෝහලට ඇතුළත් තර තිබේ.
මියගොස් ඇත්තේ මාලඹේ තලාහේන සත්සර මාවතේ අංක 171/5 හි පදිංචි සුනේත්රා විජේසේකර පතිරණ (56) නමැත්තියකි.
ගාල්ල ප්රදේශයේ පැවති අවමගුල් උත්සවයකට සහභාගී වී නැවත නිවසට එමින් සිටියදී අතුරුගිරිය පිවිසුම පසු කොට කිලෝමීටර් 3.9 සහ කිලෝමීටර් 4.1 අතර ප්රදේශයේ දී පිටුපසින් පැමිණි ජීප් රථය , වෑන් රථයේ දකුණු පස බදෙහි ගැටී අනතුර සිදුව තිබුණි .
අනතුරින් වෑන් රථයේ ගමන්ගත් කාන්තාවන් පස්දෙනකු සහ ජීප් රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහල ඇතුළත් කර ඇති අතර එහිදී වෑන් රථයේ ගමන්ගත් කාන්තාවක මියගොස් තිබූ බව පොලීසිය කියයි.
0 Comments