iran-world-cup

මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා ඉරානයට සහභාගි වීමට අවස්ථාව ලබා නොදෙන්නැයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයට (ෆිෆා)  විවිධ පාර්ශ්ව විසින් ඉල්ලීම් කර ඇත. ඉරානයේ මේ වන විට පවතින දේශපාලනික අර්බුදය මෙන්ම යුක්රේන - රුසියා යුද්ධයට ඉරානය සහය දීම පිළිබඳ චෝදනා එල්ල වීමද මීට හේතුවක් වී ඇත.

ඉරානයේ ආගමික පොලිස් අත්අඩංගුවේදී කාන්තාවක් මියයාම පිළිබඳව එරට රජයට විරුද්ධව විරෝධතා මේ වන විට උත්සන්න වී තිබීම එරට දැඩි අර්බුදයක් නිර්මාණය කර ඇත. මෙහිදී එරට කාන්තා අයිතීන් පිළිබඳ කතාකරන සංවිධාන පවා මෙවර පාපන්දු ලෝක  කුසලානයෙන් ඉරානය ඉවත් කරන මෙන් ෆිෆා වෙතින් ඉල්ලීමක් කර ඇත.එමෙන්ම රුසියා - යුක්රේන යුද්ධයේදී රුසියාව විසින් ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා භාවිත කිරීම සම්බන්ධයෙන්ද ඉරානයට මේ වන විට චෝදනා එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන් යුක්රේන පාපන්දු නිලධාරීන්ගේ දැඩි විරෝධයක් ෆිෆා වෙත එල්ලවෙමින් පවතින බව විදෙස් වාර්තා මගින් දැක්වේ. කෙසේ වෙතත් ෆිෆා විසින් මේ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැත.

ආසියානු පාපන්දු සම්මේලනයට අනුබද්ධව මෙවර ලෝක කුසලානයට ක්‍රීඩාකරන ඉරානය ආසියානු කලාපයේ ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම (ලෝ.ශ්‍රේ. 20) සිටින කණ්ඩායම්ද වේ.

(ඕෂිත වරකපිටිය)