kirrish-homes-thilini-priyamali

පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය කොටුව ඉදිකරමින් පවතින සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් වන ක්‍රිස් බිල්ඩිමේ නිවාස ලබා දෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. සැකකාරිය තවත් කිහිප දෙනකු සමඟ එක්ව එහි කාර්යාලයක් පවත්වාගෙන යමින් මෙම වංචාව සිදුකර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

සැකකාරිය, හමුවට මෙම කාර්යාලයට පැමිණි පුද්ගලයන්, සැකකාරිය සමඟ එම කාර්යාලයේ සිටි පිරිස, කුමන ගනුදෙනුකරුවන් එහි පැමිණ සිටියේද යන්න හෙළි කර ගැනීම සඳහා එම ගොඩනැගිල්ලේ වසරක පමණ සී.සී.ටී.වී. කැමරා දන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා ගෙන ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.මෙම සැකකාරියට මෙරට සහ විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුදල් ලබා දී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලැබී ඇත. ඔවුන් භාරයේ ඇති කළු සල්ලි සුදු කිරීම සදහා සැකකාරියට ආයෝජන සඳහා එම මුදල් ලබාදී ඇති බවට තොරතුරු හෙළිව ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥවරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු පෙරේදා (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා සටහන් කරගෙන ඇත.

( ඉන්දිකා රාමනායක)