lng-turbine

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික ද්‍රව වායු බලාගාරය (එල්.එන්.පී) වන “සොබා දනවි බලාගාරය" කඩිනමින් ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය අතිනවීන තාක්ෂණයෙන් යුත් ටර්බයිනය ඉකුත්දා (13) කොළඹ වරායට රැගෙන ආ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. වසර ගණනාවකින් මෙරට කිසිඳු විදුලි ව්‍යාපෘතියක් අලුතින් ආරම්භ කර නැති අතර  මෙගාවොට් 350ක ධාරිතාවකින් යුත් මෙම ස්වභාවික ද්‍රවවායු බලාගාරය මෙරට පවතින විදුලි අර්බුදයට දැවැන්ත විසඳුමක් වන අතර රටේ විදුලි කර්මාන්තය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් යැයිද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ජර්මනියේ සුප්‍රසිද්ධ සිමන්ස් සමාගම නිෂ්පාදනය කළ ම

ෙම ගෑස් ටර්බයිනය අති නවීන තාක්ෂණයෙන් යුත් එකකැයිද විදුලි බල මණ්ඩලය පවසයි. අබණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යාම අතිශය අභියෝගාත්මක වී ඇති අවස්ථාවක මෙගාවොට් 350ක ධාරිතාවෙන් යුත් සොබා දනවි විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු බාධක සහ අභියෝග මධ්‍යයේ සිදුවන බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසුවේය. දැනට, ශ්‍රී ලංකාවේ ඉදිවෙමින් පවතින එකම එල්.එන්.ජී. බලාගාරය 'සොබා දනවි විදුලි බලාගාරය' වන අතර වසර ගණනාවකට පසු රට තුළ ඉදිකිරීම් ආරම්භ කළ එකම මහා පරිමාණ බලාගාරයද වේ.

මෙම එල්.එන්.ජී. බලාගාරයේ පළමු අදියර යටතේ මෙගාවොට් 220ක් ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට නියමිත අතර දෙවන අදියර යටතේ තවත් මෙගාවොට් 130ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 220ක වටිනාකමින් යුත් ව්‍යාපෘතියේ මෙහෙයුම් සහ නඩත්තු කොන්ත්‍රාත්කරු ලක්දනවි සමාගම වන එම සමාගම අතර සොබාදනවි සමාගම ව්‍යාපෘතිය භාරව කටයුතු කරයි.  ලක්දනවි සමාගම ලංකා විදුලිබල මණ්ඩලයට කොටස් අයිතිය හිමි එල්.ටී.එල් සමූහ ව්‍යාපාරයට අයත් සමාගමකි. එල්.ටී.එල් සමූහ ව්‍යාපාරය 1996 වසරේ සිට බංගලාදේශය, මාලදිවයින, නේපාලය වැනි රටවල විශාල පරිමාණයේ විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ශ්‍රී ලාංකීය සමාගමකි.


විමුක්ති එස්. රුද්‍රිගු