මීගමුව කදිරාණ කණිෂ්ඨ විදුහලේ පසුගියදා ගුරු දිනය සමරමින් මද්‍යසාර පානය ගැන කියැවෙන ගීතයකට නැටුමක් නටන ලදැයි සමාජ මාධ්‍ය තුළ කැළඹිලි සහගත වීඩියෝවක් පළවූ අතර ඉන් පසු ඊට එරෙහිව
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹන්නට සූදානම් විය.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ශ්‍රීලාල් නෝනිස්ගේ අත්සනින් යුතුව මේ ගැන නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ සඳහන් වන්නේ අදාළ ගුරුවරියගේ නර්තනයට අදාළ සිදුවීම පාසල තුළ ළමා දිනය වෙනුවෙන් ගුරු සිසු සහභාගීත්වයෙන් සිදුවූ සාමූහික ක්‍රියාකාරකමක් බවට පෙනී යන නිසා මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බවට කාරුණිකව දන්වන බවය.
මේ සම්බන්ධයෙන් මීගමුව කලාප අධ්‍යාපන අධ්යක්ෂ විසින් සිදුකරනු ලැබූ කරුණු සොයාබැලීමෙන් පසු බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා වෙත ලබා දී ඇති වාර්තාවට අනුව මෙම තීරණය ගෙන තිබේ.
සිද්ධියට අදාළ වීඩියෝව පහතින්
සිද්ධිය ගැන පෙර විස්තරය මෙතැනින්
“මේ මධ්‍යපානෙ බීමෙ ජොලිය ගෑණු නොදන්නේ ” කියමින් ගුරු දිනේ නැටූ ගුරුවරියන් ගැන පරීක්ෂණයක්
0 Comments