madyasare-pane-thiyana-joliya-school-teachers

පසුගියදා පැවැත්වූ ගුරුදින සැමරුමේදී පාසල් වල සිසුන් ගුරුවරුන් ගායනා කරමින් නර්තනයේ යෙදුණ ගීත ගැන විවිධ විවේචන සමාජ මාධ්‍ය තුළ පැතිර ගියා. ඇතැමුන් කියා සිටියේ වේග රිද්මය හා ඩීජේ සංගීතය නැතිව නටන්න බැරි බවත් එවැනි ගීත ගායනය වරදක් නැති බවත්ය.
කෙසේ වෙතත් ගීතවල අරුථ සැලකීමේදී පාසලකදී ගායනයට උචිත ගීත තෝරා නොගැනීම ගැනද විවේචන පළවුණා.

මීගමුව අධ්‍යාපන කලාපයේ කදිරාන කනිෂ්ඨ විදුහලේ සිසුවියන් සමග ‘මේ මද්යපානෙ බීමෙ ජොලිය ගෑණු නොදන්නේ‘ ගීතයට නර්තනයක යෙදුණු ගුරුවරියන් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කරඇතැයි මේවනවිට වාර්තාවේ.

එම ගුරුවරියන්ගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් පැවැත්වීමට නියෝග කළ බවත් මේ සම්බන්ධයෙන්‍ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් පවසා තිබේ.

ඉකුත් 6 වැනි දින එම පාසලේ සැමරුම් උත්සවයක් පැවැති අතර එහිදී පාසලකට හෝ ගුරු දින සැමරුමකට හෝ නොගැලපෙන ගීතයක් පසුබිමෙන් වාදනය වෙද්දී ගුරුවරුන් හා ගුරුවරියන් පිරිසක් ඊට තාල තබමින් නර්තනයක යෙදෙන දර්ශන ඇතුළත් වීඩියෝ පටයට බොහෝ පිරිසකගේ විරෝධය එල්ල වීම මත පරීක්ෂණ අරඹන බව ඔහු පවසයි.



 "මේ මද්‍යසාර බීමෙ ජොලිය - ගෑනු නොදන්නේ - ඒ රසය දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ” යන ගීතයට එම පාසලේ ගුරුවරුන් හා ගුරුවරියන් නර්තනයක යෙදෙන ආකාරය එම වීඩියෝවෙන් ප්‍රදර්ශනය කෙරේ.  

1948 සිංහල චිත්‍රපටයක විස්කි බෝතලයක් අතේ තියාගෙන කාන්තාවක් අමුතු සින්දුවක් කියනවා.  මධසාර පානේ පිරිමි සඟවන ගෑනුන් නොදන්න රසය ගැන තමා එහි අරුත.
චිත්‍රපටය ‘කපටි ආරක්ෂකයා‘ පී.එල්.ජේ. නන්දනකීර්තිගේ පද රචනයට ජෙමිනි කාන්තා තමයි මෙම ගීතය ගයන්නෙ.
මීට කලකට පෙර ඉරාජ් මෙම ගීතය ප්‍රතිනිර්මාණය කරනවා ‘ගෑනු නොදන්නේ‘ නමින්. එසේම කොච්චි කන්ඩායම මෙම ගීතයේ ප්‍රති ගායනයක් ‘කවරයක්‘ විදිහට කරනවා.

    සෝඩ නොදා විස්කි බ්රැන්ඩි පදමට ගහලා
    දෙව් ලෝකේ පේන පේන සුදිය සීල් බෝතලේ//
    මේ මද්යපානෙ බීමෙ ජොලිය ගෑණු නොදන්නේ
    ඒ රසය දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ //
    අපි සීල් බාගෙ අතට අරන් සූර් පෙන්නලා
    මේ මෝඩ පිරිමි අල්ලෙ නටව සිත සැප ගන්නා //
    ගෑණුන්ට නොදී පිරිමින් ඇයි ෂෝක් කරන්නේ //
    ඒ නිසයි අපිත් අපෙ නිදහස ගන්න හදන්නේ