ලෝක විස්සයි20 පන්දුයවන්නන් නවතම ශ්‍රේණිගත කිරීමේ ස්ථාන ත්‍රිත්වයක් පහළට වැටීමට ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට සිදුවී ඇත. විස්සයි විස්ස ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව සමග පෙරේදා (25දා) තරගයෙන් පසු නිකුත්වූ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව වනිඳු මෙම සටහනේ හයවැනි ස්ථානය දක්වා පහළට වැටී ඇති අතර, ඒ සමගින් එම ස්ථානයේ පසුවූ තවත් ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන්නෙකු වූ මහීෂ් තීක්ෂණ 1 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත. මෙම ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය අයර්ලන්තයේ ජොෂ් ලිට්ල්ටත්, තෙවැනි ස්ථානය නෙදර්ලන්තයේ බස්ඩි ලීඩේත් හිමිවී ඇත.
කෙසේ වෙතත් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළුලාභීන් අතර සමපෙරමුණේ තවදුරටත් පසුවීමට වනිඳු හසරංග සමත්වී ඇත. ඒ ඉනිම් 5කදී කඩුවී 9ක් බිඳහෙළමිනි. නමුත් ඔහු ඔස්ට්‍රේලියාව සමගින් පැවැති තරගයේදී දැඩි ප්‍රහාරයකට ලක්වීම ඔහුගේ පසුබැස්මට ප්‍රධානම හේතුව වූ අතර, ඔහුගේ පන්දුවාර 3 තුළදී ලකුණු 53ක් ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ කිසිදු කඩුල්ලක් දවා නොගනිමිනි.
0 Comments