
මහියංගණ මුලික රෝහලේ වෛද්‍යවරයකු ඔහුගේ මිතුරකු ද සමග පසුගිය 14 වැනිදා සවස 4.00ට පමණ මාපාකඩ වැවේ දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලි මියගොස් ඇතැයි මහියංගණ පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ, දිවුලපිටිය වෙළඟන පදිංචි ලක්ෂාන් විජේරත්න නමැති වයස අවුරුදු 31 ක් වූ වෛද්‍යවරයෙකි. මෙම වෛද්‍යවරයා මහියංගණ මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ සේවය කළ අවිවාහක වෛද්‍යවරයකු වන බව පොලීසිය කියයි.
වෙනදා එම වේලාවට දිය නෑම සඳහා වැවේ බොහෝ පිරිසක් සිටින නමුත්, එදින පැවැති වර්ෂාව හේතුවෙන් වැවේ සිට ඇත්තේ එක් කාන්තාවක පමණි.
වෛද්‍යවරයා දියේ ගිලී බේරා ගැනීමට නොහැකිව, ඔහු සමග සිටි අනෙක් වෛද්‍යවරයා උපකාර ඉල්ලා කෑගැසූ විටදී වැවේ දිය නාමින් සිටි කාන්තාව ගම්මානය කරා දිවගොස් ගම්මානයේ තරුණයන් පිරිසක් කැඳවාගෙනවිත් ගිලුණ වෛද්‍යවරයා ගොඩ ගැනීමට වෙහෙසී ඇත. සිද්ධිය සිදු වී පැය එක හමාරකට පමණ පසුව දියේ ගිලුණ වෛද්‍යවරයා ගොඩ ගෙන සුවසැරිය මගින් මහියංගණ මූලික රෝහල වෙත යොමු කළ ද වෛද්‍යවරයාගේ දිවි බේරා ගැනීමට නොහැකිව ඇතැයි ද පොලීසිය සඳහන් කරයි. මරණ පරික්ෂණය මහියංගණ මූලික රෝහලේදී ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණි.
රංජිත් කරුණාවීර
Comments
Post a Comment
Your comment will be visible after approval