medicine-shortage

ඉන්දීය ණය අධාර වැඩසටහන යටතේ ඇණවුම් කළ ඖෂධ තොගය මෙතෙක් දිවයිනට ගෙන්වා ගැනීමට ‍නොහැකි වූ බව , සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි ජ්‍යේෂ්ඨ නිලධාරි‍යෙකු සඳහන් කළේ , ඇමරිකානු ඩොලර් මිලියන 50 ක වටිනාකමින් යුත් ඖෂධ වර්ග 1000 කට අධික සංඛ්‍යාවක් , මෙමගින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කළ බවයි.



එම කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් ඖෂධ වර්ග රැසක පවතින හිඟය මෙතෙක් මහ හැරවිමට නොහැකි වූ බව ද අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ, ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ද ඩොලර් මිලියන 4 ක ඖෂධ හා උපකරණ මෙරටට ලැබීමට නියමිත බවයි.

පවති තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ තොග කළමනාකරණයකින් යුතුව රෝහල්වලට බෙදා හැරීමට කටයුතු කරමින් සිටින බව ද සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් පසුගිය දිනවල පෙන්වා දුන්නේ , උග්‍ර ඖෂධ හිඟය හමුවේ ප්‍රතිකාර සේවා බිඳ වැටි‍මේ දැඩි අවදානමක් මතුව ඇති බවයි.