ministers-officeless

රාජ්‍ය ඇමැතිවරුන් පත්කර සති ගණනාවක් ඉක්ම ගොස් ඇතත් මේ වැඩි දෙනකු තමන්ට පැවරී ඇති වගකීම් මොනවාදැයි තවම නොදන්නා බව කියති. මේ ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන්ට තම රාජකාරි ඇරඹීමට තවම කාර්යාලයක් පවා නැති බවද සඳහන්ය.

වාරිමාර්ග අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයාට පවරා දී ඇත්තේ සංවර්ධන කටයුතු පවත්වාගෙන යාමේ කාර්යභාරයයි. ''ජල ගැලීම් පාලනය සහ ජල ගැලීම් පාලන ව්‍යාපෘති හරහා ජලාපවහන කටයුතු, ජල මූලාශ්‍ර සහ ගංගා, වැව් සහ කාණු පද්ධතිවල පරිසර දූෂණය වැළැක්වීම සහ සාගර ජලය ඉවත් කිරීම වැනි විෂයයන් සම්බන්ධයෙන් වාරිමාර්ග අමාත්‍යවරයාගේ මගපෙන්වීම් සහ සුපරීක්ෂාව යටතේ එම කාර්යයන් පැවරී තිබේ.



මේ තත්ත්වය බැලීමේදී වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැති වාසනාවන්තයකු හැටියට සැලකිය හැකිය. ඔහුගේ කාර්යභාරය අතර ''රටේ දේශීය ගුවන් තොටුපළ .තුන කළමනාකරණය සහ සංවර්ධනය'' ද අයත්ය.

කොහොම වුණත් දේශපාලන හේතූන් මත ලබාදෙන මේ රාජ්‍ය අමාත්‍ය පදවිවලින් ප්‍රමාණවත් වැඩ කොටසක් සිදුවන්නේදැයි කවුරුත් සොයා බලන්නේ නැත. රාජ්‍ය අමාත්‍ය ධුර බදු ගෙවන මහජනතාවගේ ''අරමුදලින්'' සියලු වරප්‍රසාද සහ අමතර ප්‍රතිලාභ සමඟ ලැබෙන්නේ පාලක සන්ධානයේ බලපෑම හේතුවෙන් බැවිනි.

- සන්ඩේ ටයිම්ස්