miss-sri-lanka-new-tork-fight

මීට කලකට පෙර මිසිස් ශ්‍රී ලංකා කිරුළට කෙහෙවැලි පටලවාගත් සංසිද්ධියට ලෝක අවධානය යොමුවී ඒ ගැන ලොවපුරා අපකීර්තිය පැතිරයාමේ සිද්ධිය හා සමාන සිද්ධියක් ගෙවුන සතිඅන්තයේ ඇමරිකාවේ සිදුව තිබේ.
ශ්‍රී ලාංකිකයින් එක්ව  මුල්වරට සංවිධානය කළ ‘මිස් ශ්‍රී ලංකා නිව්යොර්ක්‘ තරගය අවසන්වූයේ ගුටි කෙලියකිනි.
විශාල ශ්‍රී ලාංකික ප්‍රජාවක් සිටින  සවුත්බීච් වැන්ඩර්බිලට්හි උත්සවය පැවැත්වූ අතර මෙම අවස්ථාව සඳහා තරගකාරියන් 14 දෙනෙකු පැමිණි බවත් 300 ක්පමණ නරඹන්නන් එක්වූ බවත් පැවසේ.
ක්වීන්ස් සහ  සැටටර්න් අයිලන්ඩ් යන ප්‍රදේශ දෙකේ ජීවත්වන ලාංකිකයන් මෙම අවස්ථාවට එක්වූ අතර තරගකාරියන්ද එම ප්‍රදේශ දෙකින් පැමිණ තිබුණි.

විනිශ්චය  සඳහා ශ්‍රී ලංකාවේ සිට ගිය රංගන ශිල්පිණී සචිනි අයේන්ද්‍රා , උස්චි පෙරේරා , 2012 Miss Asia USA, ක්‍රිස්ටීන් කාන්, Media Attorney Maryse Selit සහ Estée Lauder, Imad Hyder හි තොරතුරු තාක්ෂණ කළමනාකරු සහභාගී විය.


තරඟයේදී ක්වීන්ස් හි ඇන්ජලියා ගුණසේකර ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජින ලෙස කිරුළු පැළඳුවාය.පළමු අනුශූරතාව ස්ටැටන් අයිලන්ඩ් හි අමන්දා විපුල්ට හිමිවිය. දෙවැනි අනුශූරතාව ස්ටැටන් අයිලන්ඩ් හි අමායා වනිගරත්නට හිමිවිය.
මෙම තරගයේදී ජයග්‍රහණය හිමි කරගත්  ඇන්ජලියා ගුණසේකර එසේ ජයගත්තේ විනිසුරුවන්ට දුන් මුදල් නිසා යයි කියමින් තරගය අවසානයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති විය.
වාර්තා වන ආකාරයට ගැටුමට මුල පුරා ඇත්තේ එක් තරගකාරියකගේ හිටපු පෙම්වතෙකුත් ඇගේ පියා හා මවයි.
කිරුළ සම්බන්ධයෙන් ක්වින්ස් නියෝජනය කළ පිරිස හා ස්ටේටන් අයිලන්ඩ් නියෝජනය කළ පිරිස අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්වය ඉතා අප්‍රසන්න එකක් වූ බව වාර්තා පළ විය.
ඒ සම්බන්ධ වීඩියෝ 2 ක් පහත පළවේ. ඒවා සමාජ මාධ්‍ය තුළද සංසරණය විය.
විනය විරෝධී හැසිරීම නිසා ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ උත්සව ශාලාවේ හා යාබද ආයතනවල අප්‍රසාදයද පළවී තිබේ.
 සිදුවීමෙන් පසුව සැටර්න් අයිලන්ඩ් හි තිබෙන සුඛෝපභෝගී උත්සව ශාලා 05 ම නිවේදනයක් නිකුත් කර ඇත්තේ මින් පසු ශ්‍රී ලංකාවේ පුද්ගලයන් මැදිහත්වීමෙන් පවත්වන කිසිඳු උත්සව අවස්ථාවකට තම උත්සව ශාලාව ලබා නොදෙන බවය.
මෙම ගැටුම ඇති කරගත් උත්සව ශාලාව ආසන්නේ බෞද්ධ විහාරස්ථානයක්ද තිබෙන අතර එම විහාරස්ථානයද නිවේදනය කර ඇත්තේ මේ දිනවල එහි කඨින පින්කම් පැවැත්වෙන බවත් මින් පසු කිසිඳු මහජන ඒකරාශී කටයුත්තක් ඒ ආසන්නයේ සිදුනොවිය යුතු බවය.
ගැටුමට අදාළ වීඩියෝ පහතින්  ඡායාරූප ඊට පහතින්