thai-tycoon-jakapong-jakrajutatip-buys-miss-universe-pageant

මේ දක්වා ඇමරිකානු සමාගමක් මගින් සංවිධානය කරන්න යෙදුණ ලොව ප්‍රමුඛතම ‘විශ්ව රූ රැජිණ‘ තරගාවලිය ලබන වසරේ සිට තායිලන්තයේ සමාගමක් මගින් සංවිධානය කරනු ඇත.



තායිලන්ත කීර්තිමත් මාධ්‍ය අධිපතියෙකු මෙන්ම  සංක්‍රාන්ති ලිංගික කාන්තාවක වන ඈන් ජක්පොන්ග් විශ්ව රූ රැජින තරඟ මෙහෙයවන ‘මිස් යුනිවර්ස්‘ සමාගම ඩොලර් මිලියන 20 (පවුම් මිලියන 17.1) කට මිලදී ගෙන ඇත.
Anne Jakapong Jakrajutatip යනු තායිලන්තයේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කරන JKN Global Group හි ප්‍රධානියායි.
ඇය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ විශ්ව රූ රැජින සංවිධානය තම සමාගමේ ප්‍රචාරණ උපායමාර්ගයන්ට වැදගත්විය හැකි බැවින් මිලට ගත් බවයි.
ඇය ජනප්‍රිය රියැලිටි වැඩසටහන් වන Project Runway සහ Shark Tank හි තායි අනුවාදවල රඟපාන ලද කාන්තාවකි.
විශ්ව රූ රැජින සංවිධානයේ 1996 සිට 2015 දක්වා හිටපු ජනපති ට්‍රම්ප් මහතා සම හිමිකාරීත්වය දැරීය.


පසුව ජනපතිවරණය සමග ඔහු ඉන් ඉවත් විය.
විශ්ව රූ රැජින තරඟයට ලබන වසරේ සිට විවාහක කාන්තාවන්ට සහ මව්වරුන්ටතරඟ කිරීමට අවසර දෙන බව සංවිධායකයින් පවසා ඇත.
මෙම තරගාවලිය මීට පෙර විවෘතව තිබුණේ විවාහ නොවූ සහ දරුවන් නොමැති කාන්තාවන් සඳහා පමණි.
මෙම තරගාවලිය වසර 71 ක් පුරා වාර්ෂිකව පවත්වනු ලබන අතර එය රටවල් 160 කට වැඩි ගණනක විකාශනය වේ.