national-gem-thilak-weerasinghe

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇත. තිලක් වීරසිංහ මහතා සභාපති ධුරය දැරූ වසර දෙකකට වැඩි කාලය තුළ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වංචා දුෂණ සිදුවී ඇතැයිද

විගණකාධිපතිවරයා නිකුත් කර ඇති විගණන වාර්තාවෙන් සභාපතිවරයාට චෝදනා එල්ල කර ඇතැයිද එම අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය. රත්නපුර නම්මුණිවත්ත සහ හැටන් ප්‍රදේශයේ පතල් කැණීමට අවසර ලබාදීමේදී වංචා සහගත ලෙස කටයුතු කිරීම නීතියට පටහැනිව නියාමන පතල් කැණීමට අවසර ලබාදීම හා රුපියල් කෝටි 100ක පමණ වටිනාකමකින් යුත් මැණීක් මල්ලක් රාජසත්තක කර තිබියදී නීතියට පටහැනිව එම මැණික් මල්ල මුදාහැරීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා ගණනාවක් සභාපතිවරයාට එල්ලවී තිබූ බවද ඔහු කීය. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කටයුතු පිළිබඳව කෝප් කමිටුව මගින්ද විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර සභාපතිවරයා ඇතුළු නිලධාරින්ට එම කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් කර තිබූ බවද එම ප්‍රකාශකයා පැවසීය.

( රංජන් කස්තුරි)