වවුනියාව, ඕමන්ත, අරසමුරිප්පුහි ගවමඩුවක සිටි ගවයින් 11 දෙනකු අකුණු සැර වැදීමෙන් පෙරේදා (12) මියගොස් තිබේ. ප්‍රදේශයට සවස ඇතිවූ වර්ෂාවත් සමග හටගත් ලකුණු තත්වය හේතුවෙන් අකුණු සැර වැදී එළ ගවයින් 11 දෙනකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ඕමන්ත ප්‍රදේශවාසීහු පැවසූහ.
වර්ෂාව හේතුවෙන් ගව මඩුවක ගසක් යට මෙම ගවයන් රැදී සිට ඇති බවත් ගසට වැදුණු අකුණු සැර හේතුවෙන් කම්පන තත්වයෙන් ගවයින් මියයන්නට ඇති බවටත් ප්‍රදේශවාසීහු සැක පළ කරති.අකුණුසැර වැදී මියගිය ගවයින් සම්බන්ධයෙන් එම හිමිකරුවන් රජයේ පශු වෛද්‍ය නිලධාරිවරයා දැනුවත්කර පරික්ෂා කිරීමට නියමිතව තිබිණි.
සිතුම් චතුරංග
0 Comments