ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය පකිස්තානය පරදා ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඒ අනුව වසර 14 කට පසු ශ්රී ලංකා කාන්තා ක්රිකට් කන්ඩායමක් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා තිබේ.
තරඟයේ කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 122ක් රැස්කරගැනීමට සමත්විය.
හර්ෂිතා සමරවික්රම ලකුණු 35ක් ලබාගැනීමටද අනුෂ්කා සංජීවනී ලකුණු 26ක්ද වේගයෙන් රැස්කරගැනීම විශේෂිතය.
පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් නෂ් රා සඳු කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ පාකිස්තාන කණ්ඩායම ජයග්රහණයේ බලාපොරොත්තු තබාගත්තත් අවසන් මොහොතේ වැරදිණි.
බිෂ්මා මහරුෆ්ගේ ඉනිම ලකුණු 42ක් හා නිඩා දාර් පාකිස්තානය වෙනුවෙන් ලකුණු 26ක් රැස්කළාය.
අවසන් පන්දුවාර කිහිපයේ තියුණු සටනකින් අනතුරුව ලකුණු 1කින් තරගය ජයගෙන මෙවර ආසියානු කුසලාන අවසන් ගැටුමට පිවිසීමට ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම සමත්විය.
ලකුණු 17 ට කඩුළු 2 ක් ගත් ඉනෝකා රණවීර තරගයේ වීරයා විය.
මෙම තරගාවලියේ අවසන් තරගය ලබන 15 සෙනසුරාදා සිල්හෙට් ක්රීඩාංගනයේදී ඉන්දියාවට එරෙහි ශ්රී ලංකා කාන්තා කණ්ඩායම තරග වදිනු ඇත.
0 Comments