peradeniya-140-psyco

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 140 දෙනකු ඉකුත් මාස දෙකක පමණ කාලයේදී විශ්වවිද්‍යාලයේ මනෝ උපදේශන සේවාවේ සහාය ලබාගෙන ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී චන්දිමා හේරත් මහත්මිය පැවසුවාය.



ඉන් සිසුන් 14 දෙනකු බරපතළ විශාද තත්ත්වයට පත්ව ජීවිතයට අනතුරක් කරගන්නා මට්ටමකට පත්ව සිටි අය බවද වෛද්‍යවරිය කීය. එම සිසුන් වහාම රෝහල් ගතකර වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බව වෛද්‍ය හේරත් මහත්මිය පැවසුවාය.

සිසුවකු ආතති තත්ත්වයකට පත්වූ විට ඔහුට නිසි මගපෙන්වීමක් නොවුණහොත් විශාද තත්ත්වයට පත්ව ජීවිතය හානි කර ගන්නා තත්වයකට පත්වන බවද වෛද්‍යවරිය සඳහන් කළාය. විශාද තත්වයේ පසුවන පුද්ගලයින්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදී දේවාල හා කෝවිල් ගානේ රැගෙන යාමෙන් රෝගී තත්ත්වය බරපතළ වන බවද ඇය කීවාය.  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනකු ගෙවුණු මාස 8ක පමණ කාලය තුළ සියදිවි හානිකර ගැනීම බරපතළ බේදවාචකයකැයිද වෛද්‍යවරිය කීවාය.