peradeniya-woman-death

පෙරේදා (ඔක්.14) පේරාදෙණිය පොලිස් වසමේ  යහලතැන්න ප්‍රදේශයේ නිවසක සැක කටයුතු ලෙස වයස අවුරුදු 65ක් වන කාන්තාවක මියගොස් තිබේ.


පොලිසිය සඳහන් කළේ, සවස 6.00ත් පසු දින උදෑසන 9.00ත් අතර කාලයේදී අදාළ කාන්තාව මියගොස් ඇති බව ය.
මිය ගිය කාන්තාව නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර මරණය හිසට මොට ආයුධයකින් පහර දීමක් හේතුවෙන් සිදු වී ඇති බවට හා මෙය ඝාතනයක් බවට පොලිසිය සැක කරයි.
මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මහනුවර මහේස්ත්‍රාත්වරයා සිදු කර ඇති අතර ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය පේරාදෙණිය රෝහල වෙත රැගෙන ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.