polgasovita-incident

දිවයිනේ සුප්‍රසිද්ධ අලෙවි ජාලයකට භාණ්ඩ සපයන අතරමැදියකු බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා රුපියල් කෝටි අනූවකට ආසන්න මුදලක් වංචා කළ බව පැවසෙන සැකකරු එළඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය

පෙරේදා (15) නියෝග කළාය.මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, පොල්ගස්ඕවිට පාලගම‍ ඇටගහවත්ත පාරපදිංචි එගොඩරාජාගේ චාමර මධුශංක (27) නමත්තකි.මොහු මීට වසර 4ක පමණ සිට විවිධ පුද්ගලයන් රවටා  රුපියල් කෝටි හැත්තෑවකට ආසන්න මුදලක් ලබාගෙන ඇති අතර එසේ මුදල් තැන්පත් කර ගනුදෙනුකරුවන්ට 30%ක පොලියක් ලබා දෙන බව පවසා මෙසේ මුදල් වංචා කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අත්අඩංගුවට ගත් සකකරු මූල්‍ය වංචාව, විශ්වාසය කඩ කිරිම සහ සාපරාධී සාවද්‍ය පරිහරණය යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන් පො.කො චාමර මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සිද්ධිය පිළිබද වැඩිදුර පරික්ෂණ සිදු කරති.