police-fitness

සෞඛ්‍ය පරිසාධන මට්ටම සපුරා නැති පොලිස් නිලධාරීන් 4000ක් පමණ මේ වනවිටත් සක්‍රිය පොලිස් සේවයේ සිටින බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පෙන්වා දුන්නේය. ඒ අනුව සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාර සේවයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාවක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් සකස්කොට අමාත්‍යංශයට යොමු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා උපදෙස් දුන් අතර, ඒ අනුව ඉදිරියේදී එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

දැනට සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳ මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අවධානය යොමු වූ අතර, එහිදී මෙම තොරතුරු කාරක සභාවට හෙළි විය. මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් පැවසුවේ යහපත් සෞඛ්‍ය මට්ටමේ නොසිටින බොහෝ පිරිසක් පොලීස් සේවයේ සිටින බවත්, ඔවුන් වෛද්‍ය සහතික පෙන්වා අපහසු රාජකාරීවල නොයෙදෙන බවත්ය. නමුත් මෙම ඇතැම් නිලධාරීන් එසේ සෞඛ්‍ය අපහසුතාවලින් නොපෙළෙන බවත්, මේ නිසා නිරතුරුවම රාජකාරීය.නිවැරදිව ඉටුකරන නිලධාරීන් අපහසුතාවට පත්වන බවත් ඔවුහු පෙන්වා දුන්හ.ම

ේ අතර මෙම වසරේ විශාල පොලිස් නිලධාරින් පිරිසක් විශ්‍රාම යන බවත් එබැවින් පොලිස් නිලධාරින් 16000ක පමණ පුරප්පාඩු ප්‍රමාණයක් මේ වසරේ ඇති වන බවත් පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ ය. තවද පොලිස් නිලධාරීන් මන්ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබඳ වාර්තා වී ඇති සිද්ධි සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. එසේම අන්තර්ජාලය භාවිත කරමින් පුද්ගල චරිත ඝාතනය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙම කාරක සභාවේදී අවධානය යොමු විය. එසේම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතනවල වර්තමාන තත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

(දිනේෂ් සමරකෝන්)