
පාර්ලිමේන්තු කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරියකගේ නළලට බලහත්කාරයෙන් හාදුවක් දුන්නැයි කියන එම කොට්ඨාසයේම පොලිස් සැරයන්වරයකු සම්බන්ධයෙන් විමර්ෂනයක් ආරම්භ කළ බව ළමා හා කාන්තා
කාර්යාංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ ඊයේ (13) කරුණු වාරිතා කළේය. පොලිස් කොස්තාපල්වරිය රාජකාරි කටයුත්තක් සඳහා පාර්ලිමේන්තු පොලිසියේ කාර්යාලයට යමින් සිටිය දී එහි පඩිපෙළක් අසල රැදී සිටි පොලිස් සැරයන්වරයා ඇයගේ පිටුපසින් පැමිණ හිසෙන් අල්ලා ඔහු වෙත ඇද මෙලෙස සිපගෙන ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙම ක්‍රියාවෙන් තමාට බලවත් බියක් මෙන්ම ලැජ්ජාවක් ද ඇති වූ බව පැමිණිලිකාරිය සඳහන් කර ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. මේ සිද්ධියට අදාළව පැමිණිලිකාරිය අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ද යොමුකර වාර්තාවක් ද ඉදිරිපත් කර ඇතැයි අධිකරණයට කරුණු වාර්තා කළ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරන බවද දැනුම් දුන්නේය.
Comments
Post a Comment
Your comment will be visible after approval