
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් පිරිසක් පොලිස් සිර මැදිරියක් තුළ රඳවා සිටින ආකාරය දැකිමේන් දරාගත නොහැකි දුකක් ඇති වූ බව කියමින් රඹුක්කන පොලිසියේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ඒ ගැන ප්‍රකාශයක් ලබාදී පෙරේදා (26) සේවයෙන් ඉවත්ව ගිය බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසිය. මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයාට අයත් නිල ඇඳුම් පොලිස් නිල හැඳුනුම් පත සහ පොලිස් දෙපාර්තමේන්තුව මගින් ඔහුට නිකුත් කරන ඇති සියලුම බඩු බාහිරාදිය බාරදී ඔහු සේවයෙන් ඉවත්ව ගිය බව පොලිසිය ය සඳහන් කරයි.
මහියංගනය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවෙන් පසු මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා රඹුක්කන පොලිසියේ රාජකාරි සඳහා ඉකුත්දා (10) අනුයුක්ත කරනු ලැබීය. පොලිස් ආචාර පෙළපාළියක් සඳහා පුහුණුවීම් වලට මෙම ආධුනික පොලිස් කොස්තාපල් වරයා යොමුකර තිබිණි යැයි පොලිසිය කීය. කෑගල්ල කොට්ඨාසය යටතේ පාලනය වන එම පොලිස් ස්ථානයට ගොස් සිටියදී එම පොලිස් ස්ථානයේ සිර මැදිරියේ සැකකරුවන් පිරිසක් රඳවාගෙන සිටි ආකාරය දැකීමෙන් ඉමහත් දුකක් ඇති වූ බව සේවයෙන් ඉවත්ව යෑමට කලින් ප්‍රකාශයක් ලබාදෙමින් මෙම ආධුනික කොස්තාපල්වරයා පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
සැකකරුවන් පොලිස් සිර සිරමැදිරියේ රඳවා සිටි ආකාරය දුටු දිනයේ ඒ ගැන මතක් වීම නිසා රාත්‍රී නින්ද නොගිය බවත් මෙයින් ඇති වූ මානසික පීඩනය දරාගත නොහැකි වූ බවත් ආධුනික කොස්තාපල්වරයා ප්‍රකාශ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය. පොලිස් සේවයෙන් ඉවත්වීමට බලපෑ මෙම කරුණු කාරණා ගැන ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ආධුනික කොස්තාපල්වරයා සේවයෙන් ඉවත්ව ගිය බව පොලිසිය සඳහන් කරයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval