පුද්ගලික රෝහල්වලදී රෝගීන්ට සිදුවන විවිධ අකටයුතුකම් පිලිබඳ සොයා බැලීමට නිසි ක්‍රමවේදයක් නොමැති බව වාර්තාවේ.
ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති බවත් 2006 පෞද්ගලික වෛද්‍ය නියාමන පනත සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් නියාමන සභාව පෙන්වා දෙයි.
මේ වසරේ ගෙවී ගිය කාලය තුළ පෞද්ගලික රෝහල්වලට සහ එම රෝහල්වල ප්‍රතිකාර කරනු ලැබූ වෛද්‍යවරුන්ට එරෙහිව පැමිණිලි විස්සක් (20) පමණ ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වෛද්‍යවරු නිසි ලෙස ප්‍රතිකාර නොකිරීම, රෝහල් ගාස්තු වැඩිවශයෙන් අය කිරීම් සම්බන්ධව මෙම පැමිණිලි ලැබී තිබේ.
කෙසේ වෙතත් මේ වන විට පෞද්ගලික රෝහල් කටයුතු නිසි ලෙස නියාමනයක් සිදු නොවන අතර ඉන් රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
මේ අතර පසුගියදා වත්තල පෞද්ගලික රෝහලක සිදු කළ සැත්කමකින් පසු තරුණියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
එම සැත්කම සිදුකළ වෛද්‍යවරයා සම්බන්ධව මීට පෙරද සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිල්ලක් ලැබී ඇති අතර එහි විමර්ශන කටයුතු ද මේ ව නවිට සිදු කෙරෙමින් පවතී.
0 Comments