priyamali-borella-sirisumana

මූල්‍ය වංචාකර ඇති බවට සැකකාර තිළිණි ප්‍රියමාලි ගැන රත්තරන් පොලු කතාවක් කියැවුණි. ඇය සතුව තිබූ රත්තරන් බව පැවසෙන තඹ පොලු කිහිපයක් කිහිප දෙනකුට විකුණා ඇති බව එහිදී සඳහන් විය. ඉන් එක් අයකු වන්නේ කඩවත ප්‍රදේශයේ අසපුවක් පවත්වාගෙන යන බොරුල්ලේ සිරිසුමන හිමිනමයි. එම හිමිනම විසින් ලක්ෂ 80ක් ලබාදී රත්තරන් පොල්ලක් ලබාගත් බව මාධ්‍යයෙහි පළ වී තිබුණි.

තවත් කතාවක් පල වී තිබුණේ ස්වාමීන් වහන්සේ සමීපයට රත්තරන් පොලු මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන් තිළිණි විසින් රැගෙන ආ බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාළ චෝදනා එල්ලවන එම භික්ෂූන් වහන්සේ වන බොරුල්ලේ සිරිසුමන හිමියන්ගෙන් සතිඅන්ත පුවත්පතක් ප්‍රශ්න කර තිබේෙ. එහිදී උන්වහන්සේ සඳහන් කර සිටියේ මෙසේය.

''මම සම්බන්ධයෙන් පලවෙන කතා සියල්ල බොරු. මම ඔය රත්තරන් පොලු ගන්න ගිහිල්ලවත් රත්තරන් පොලු ගන්නවත් කවුරුත් මගේ ළඟට ඇවිල්ලා නැහැ. මම ගිහිල්ලත් නැහැ. මම ලක්ෂ 80ක් දීලා රත්තරන් පොල්ලක් ගත්තා කියලා සමාජ මාධ්‍යවල පලවන වාර්තා අසත්‍යයක්. ඒ අයට විරුද්ධව මම පැමිණිලි දාලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඔය සිද්ධියට සම්බන්ධ නෝනා අපේ දායිකාවක්. එතුමිය පන්සලේ පිංකම්වලට උදව් උපකාර කරලා තියෙනවා මිසක් ඔය කියන කිසිදු ගනුදෙනුවක් එතුමිය සමඟ මම කරලා නැහැ.''

පෙර ලිපිය
තමා රහත්වුනාය කියන බොරැල්ලේ සිරිසුමන හිමි සමග තිලිණි ප්‍රියමාලිගේ ගනුදෙනු එළිවේ