22 වන සංශෝධනය සම්බන්ධ විවාදයේ ඡන්ද විමසීම මෙම සතිය අග පැවැත්වෙන අතර එහිදී පොහොට්ටුව නියෝජනය කරන අයට ගැටලු දෙකක් පවතින බව දේශපාලන ආරංචි පවසයි. එකක් නම් ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවාහැරියොත් තමන්ගේ දේශපාලන ස්ථාවරය අහිමිවීයාමයි. දෙවැන්න ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් හා ජනපති තරගයෙන් ඉවත්කිරීම බැසිල්ගේ ඉදිරි දේශපාලන ගමනට බලපාන බැවිනි.
පාර්ලිමේන්තුව කලින් විසුරුවා හරින්නට අදහසක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ට දැනුම් දී ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 17 වනදා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී වසර දෙක හමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට යෝජනා කර තිබේ. එම යෝජනාව ඉටු කරනවාද? නැද්ද? යන්න ගැන සහතිකයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්දා අලුත්ගමගේ ජනාධිපතිවරයාට පවසා ඇත.
‘බුලත් අතක් අරගෙන ඇවිත් වැඳලා කීවත් අවුරුදු දෙක හමාරකින් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ’ යැයි ජනාධිපතිවරයා පිළිතුරු දී ඇත.
මෙම යෝජනාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ඉදිරිපත් කළ බවත් තමන් එය ඉදිරියට රැගෙන ගිය බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. තමන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකරද මෙහිදී අවධාරණය කර ඇත.
ඉන්පසු අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් ප්‍රකාශ කර ඇත්තේ විසි දෙවන සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ බවයි.
0 Comments