ranil-netflix

‘යූත් ඉන් ගවර්නස්‘ නමින් තරුණ පිරිසක් සමග අන්තර්ජාලය හරහා පැවැති සම්මන්ත්‍රණයකදී ජනපති රනිල් දැක්වූ අදහස් කිහිපයක් ඊයේ මාධ්‍ය වෙත ප්‍රසිද්ධ කර තිබුණි.
එහිදී එක් තරුණයෙකු අසන්නේ ජනපතිට පොතක් කියවන්න චිත්‍රපටයක් බලන්න වෙලාවක් තිබේද කියාය.
‘මගේ පොත්ටික ගිනිගත්තානෙ දැන් පොත් කියවනන්න විදිහක් නැහැ..මං මේ ජූලි09 ඉඳන් කරන්නේ ඉතින් මූවි එකක් වගේ වැඩක්නෙ. ඒක හරියට නෙට්ෆ්ලික්ස් ෆිල්ම් සීරීස් එකක් වගේ. තාම පළවෙන් අදියර ඉවර නැහැ..‘ ඔහු කීය.


මීට ටික දිනකට පෙර හිටපු ජනපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ ‘පොන්නියන් සෙල්වන්‘ දමිළ චිත්‍රපටය බලන්නට ගොස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් ලබාගත් පසු රනිල් මෙවැනි උත්තරයක් ලබාදී තිබුණි.