හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පෙරේදා රාත්‍රී අමෙරිකාව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණිය ද ඔහු වෙත පනවා තිබූ ගුවන් ගමන් තහනමක තොරතුරු යාවත්කාල නොවීම හේතුවෙන් එම ගමන ව්‍යවර්ථ විය.
කලකට ඉහත කොරෝනා නීති උල්ලංඝනය කරමින් අසරණයන්ට සහල් බෙදුවේ යයි ඔහුට නඩුවක් පටළවා තිබූ අතර එම නඩුවේ තීන්දුවක් ලෙස එවක විනිසුරු වරයෙකු ඔහුට විදෙස්ගතවීමේ තහනමක් පනවා තිබුනි.
කෙසේ වෙතත් එම නඩුව පසුව අවසන්ව තිබූ අතර ඔහුට පැවති තහනමද අධිකරණයෙන් ඉවත් කර තිබුණි.
මෙම තීන්දුව කටුනායක දත්ත ගොනුවේ යාවත් කාල වී නොතිබූ අතර ඒ හේතුවෙන් ඔහු ප්‍රසංගයකට සහභාගී වීමට ඇමරිකාවට ගමන් කරන්නට කළ උත්සාහය ආගමන විගමන නිලධාරීන් වළක්වන ලදි.
මේ හේතුවෙන් ආපසු හැරී ආ රන්ජන් එම තොරතුරු යාවත්කාල කරන්නට අවශ්‍ය ලියවිලි ගුවන් තොටුපළ වෙත සපයා තිබුනි. අනතුරුව ප්‍රමාද කළ ගුවන් ගමන අද ඔහු යොදා ගත්තේය.
කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරිවරයා පැවසුවේ, අද අලුයම කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඔහු කටාර් බලා පිටත්ව ගිය බවයි. කටාර් හරහා ඔහු අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය.
0 Comments