russia-food-programme-giveup

රුසියාව යුක්රේනය සමඟ එක්සත් ජාතීන්ගේ තැරැව්කාර ධාන්‍ය අපනයන ගනුදෙනුවට සහභාගී වීම අත්හිටුවන බව පසුගිය සෙනසුරාදා නිවේදනය කළ අතර මෙම තීරණය ලෝකයටම බලපාන ආහාර අර්බුදයක ආරම්භය විය හැකි බවට විශ්ලේෂකයන් අනතුරු ඇඟවීම් කර තිබේ.
 ක්‍රිමියානු නගරයක් වන සෙවාස්ටොපෝල් වෙත ඩ්‍රෝන් ප්‍රහාර එල්ලවීමෙන් පසු රුසියාව මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය. එම ප්‍රහාරයට බ්‍රිතාන්‍යයද සම්බන්ධ බවට රුසියාව සැක කරයි.


රුසියානු විදේශ අමාත්‍යාංශය පැවසුවේ තීරණය ආපස්සට හැරවීම අවිනිශ්චිත බවයි.
 මෙම තීරණය හේතුවෙන් රුසියානු උදව් ඇතිව ලෝකයට ගෙනගිය යුක්රේන ධාන්‍ය හා අපනයන ද්‍රව්‍ය නවතී.ධාන්‍ය කොරිඩෝවේ අඛණ්ඩතාවයට රුසියානු පාර්ශවය සහය දීම අත්හිටුව බවත් යුක්රේන වරායෙන් කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමද ඒ සමග නවතින බවත් දන්වා ඇත.
 යුක්‍රේනයෙන් අත්‍යවශ්‍ය ධාන්‍ය අපනයන රැගෙන යන නැව් නතරවීම ගෝලීය ආහාර සැපයුම සම්බන්ධයෙන් අර්බුදයක් මතු කරන්නකි.
යුක්රේනය ගෝලීය ආහාර වෙළඳපොලේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, රට සාමාන්‍යයෙන් සෑම වසරකම ධාන්‍ය ටොන් මිලියන 45 ක් පමණ ලෝකයට සපයයි. ඔවුන් බාර්ලි, ඉරිඟු සහ තිරිඟු ඉහළම ගෝලීය අපනයනකරුවන් පස් දෙනා අතරට පැමිණේ. එය ලෝකයේ අපනයනවලින් සූරියකාන්ත තෙල් 46%ක් වන විශාලතම අපනයනකරු ද වේ.

පෙබරවාරි මස අගදී රුසියාව යුක්රේනය ආක්‍රමණය දියත් කළ විට, එය යුක්රේනයේ වරායෙන් පිටවන නැව්වලට අවහිරයක් පැනවීය.

විශේෂයෙන්ම යුක්රේනය ලෝක ආහාර වැඩසටහනට ධාන්‍ය සපයන ප්‍රධාන සැපයුම්කරුවෙකු වන නිසා ගෝලීය ආහාර වෙලඳපොලවල් මත යුද්ධයේ බලපෑම ආසන්න සහ අතිශය වේදනාකාරී වනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයක් වන ආහාර හා කෘෂිකර්ම සංවිධානය පැවසුවේ යුද්ධය හේතුවෙන් මිලියන 47 ක ජනතාවක් “උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයට” තල්ලු කළ හැකි බවයි.

රුසියාවේ ඉවත් වීම දැනටමත් ක්ෂණික බලපෑම් ඇති තර තිබෙන  අතර තිරිඟු සහ බඩ ඉරිඟු මිල සඳුදා ගෝලීය භාණ්ඩ වෙලඳපොලවල ඉහළ ගියේය. සීඑන්එන් වාර්තා කළ පරිදි චිකාගෝ වෙළඳ මණ්ඩලයේ තිරිඟු සඳුදා 5.5% කින් ඩොලර් 8.74 දක්වා ඉහළ ගියේය. බඩ ඉරිඟු  2.3% කින් බුසල් එකක් ඩොලර් 6.96 දක්වා ඉහළ ගියේය. මැලේසියාවේ පාම් ඔයිල් වෙළඳාම ද ඉහළ ගොස් ඇති බව රොයිටර් වාර්තා කළේ යුක්රේන සූරියකාන්ත තෙල් අපනයනය කෙරෙහි ඇති විය හැකි බලපෑම පිළිබඳ භීතිය මතය.

පුටින් "ආහාර යුද්ධයේ ආයුධයක් ලෙස" භාවිතා කරන බව USAID ප්‍රධානියා චෝදනා කර තිබේ.