saharan-koimbathur

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතුර්හිදී පසුගිය ඉරිදා මෝටර් රථයක් තුළ සිදු වුණු පිපිරීම සම්බන්ධයෙන් මේ වනවිට පරික්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. ඒ අනුව මෙම පිපිමෙන් මියගිය ජමීෂා මුබීන් නමැත්තා සහ 2019 වසරේ ශ්‍රී ලංකාවේදී එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු කළ සහරාන් හෂීම් සමගින් පැවැති සබඳතා පිළිබඳව මෙහිදී ප්‍රමුඛතාව හිමිවන බව සඳහන් වෙයි.

මෙම මියගිය ජමීෂා මුබීන් කොයිම්බතූර් පළාත තුළ සහරාන් හමීන්ගේ අත්තවාදී ක්‍රියා ව්‍යාප්ත කිරීම සඳහා දායක වූ දැනට අත්අඩංගුවට පත්ව සිටින අසුරුදීන් නමැත්තෙකුගේ සමීපතමයෙකු ලෙසද හඳුනාගෙන ඇත. තමිල්නාඩුවේ කොට්ටායි ඊස්වරන් හින්දු දේවාලය ඉදිරිපිටදී මෙම පිපිරීම සිදුවිය. මෙය මෝටර් රථයක ඇටවූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් නිසා සිදු වූ පිපිරීමක් බව හඳුනාගෙන තිබේ. ජමීෂා මුබීන් 2019 වසරේදී ජාතික බුද්ධි අංශය මගින් ප්‍රශ්න කිරීමක් සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු බවද පැවසෙයි.

ඒ අනුව මෙය පැහැදිලිවම යම්කිසි ත්‍රස්තවාදී ප්‍රහාරයක සැලසුමක් බවට පොලීසියේ අදහස වී තිබේ. මේ අතර සිදුවීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ජමීෂා මුබීන්ගේ නිවසේ සිට පිපිරේ ගිය රථය වෙත මළු කිහිපයක් රැගෙන ආ පුද්ගලයන් පිරිසකි. ඔවුන් එම රථය වෙත ගස් සිලින්ඩරයක් රැගෙන යන ආකාරයද අසල පිහිටි ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇතැයි පොලීසිය පවසයි.