sanath-nishantha-accident

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් කරමින් තිබු සුඛෝපභෝගී ජීප් රථය ඊයේ රාත්‍රියේ ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයකු බරපතළ තුවාල ලබා  පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්තවයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.


අනතුරට පත් පුද්ගලයා මහමග පාපැදියකින් ගමන් කරමින් සිටි අයෙකු බව පැවසේ.
පුත්තලම නගරය ආසන්නයේ දී මෙම අනතුර සිදුවී ඇත.අනතුරට පත් පුද්ගලයා පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සිව් දරු පියෙකු බව පොලිසිය පවසයි.