අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද වරෙන්තුවක් නිකුත් කරන ලද අතර පසුව ඔහු අධිකරණයට පැමිණ භාරවූ බව වාර්තා විය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අද (13) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් ඉකුත්දා සිතාසි නිකුත් කර තිබුන නමුත් ඔහු එය ගණනකට නොගෙන අදිකරණය මගහැරීම නිසා වරෙන්තුව නිකුත් විය.
ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් පොලිස්පතිවරයා වෙත එම වරෙන්තුව නිකුත් කර තිබේ.
පසුව සනත් නිශාන්ත අධිකරණයට පැමිණ භාරවී තිබේ. නැවත නඩු විභාගය පවත්වන්නට නියමිතය.
වගඋත්තරකාර රාජ්‍ය ඇමැතිවරයා පසුගිය අගෝස්තු 23 දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මගින් අධිකරණයට දැඩි අපහසායක් සිදු කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා හා වීඩියෝ දර්ශන කැඳවා ඔහුට එරෙහිව දඬුවම් කරන්නැයි සනත් නිශාන්ත හා නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ එම පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
අරගලයට සම්බන්ධ සැකරුවන්ට ඇප ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව අගෝස්තු මස 23 වනදා සිදුකළ විවේචනාත්මක ප්‍රකාශයෙන් ඔහු කියා සිටියේ මහේස්ත්‍රාත් වරුන් හිතුමනාපයට ඕනෑම කෙනෙකුට පහසුවෙන් ඇප දෙන බවයි.වගඋත්තරකාර සනත් නිශාන්ත මහේස්ත්රාත්වරුන්ගේ ඇප ලබාදීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කර නීතියේ ආධිපත්‍ය බිද වැටෙන බවට දක්වා ඇති අදහස් වලට ගොනුවූ පෙත්සම මගින් අධිකරණ සේවා සංගමය පෙන්වා දී ඇත්තේක් තුළින් රාජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවය.
දිවයිනේ සියලු මහෙස්ත්‍රාත්වරු සහ දිසා විනිසුරුවරු මෙම සංගමයේ සාමාජිකත්වය දරන අතර රාජ්‍ය අමාත්‍යවරයා අරගලකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත්වරු සතු බලය අභියෝගයට ලක් කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණය සතු ගෞරවය හෑල්ලුවට ලක්කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවත් චෝදනා දක්වා ඇත.
මින් ඉහත මැයි 09 ප්‍රහාර සඳහා උසිගැන්වීමේ චෝදනා මත සනත් නිහාන්ත සති කිහිපයක් රිමාන්ඩ් භාරයේ පසුවී ඇප මත නිදහස් වූ අතර රනිල් විකුමසිංහ පසුව ඔහුව රාජ්‍ය ඇමතිවරයෙකු බවට උසස් කළේය.
0 Comments